CHAPTER 4

316 94 9
                                    

ඒ මං එයාව පළවෙනියටම දැක්ක දවස. ඇස් දෙක රතු වෙලා තිබ්බත් ඒ ඇස් ලස්සනයි. මුහුන සුදුමැලිවෙලා තිබ්බත් එයා ලස්සනයි. දිගම දිග කලු කොන්ඩේ පොඩ්ඩක් ඇවිස්සිලා තිබ්බත් ඒ නිසා එයාට ලැබුනේ අමුතුම ලස්සනක්. හරියටම කිව්වොත් මිහිපිට සුරගනක් වගේ. කොච්චර ලස්සන ගෑණු ළමයි දැකලා තිබ්බත් එයාගේ ඒ ලස්සන දැකලා මගේ හිත පොඩ්ඩක් ගැස්සුනා. ටිකක් වෙලා එයා දිහා වෂී වෙලා බලාගෙන හිටියා කියලවත් මට දැනුනේ නෑ. ඇස් අහකට ගන්න බැරි තරමටම එයා ලස්සනයි. ටික වෙලාවකට එයාගෙයි මගෙයි ඇස් හම්බුනත් එයා ඉක්මනින් ඒක මගහැරියා. මම ආවේ මෙතන පරීක්ෂණයකට කියලා පවා මට අමතක කරන්න මීහීට පුලුවන් වුනා. හවස් වරුවේ නැවත එන බව දැනුම් දෙමින් මං එතනින් ආවා. එතනින් එන්න කලිනුත් එකම එක වතාවක් එයා දිහා බලන්න මම අමතක කරේ නෑ.

තිබ්බ වැඩ සේරම ඉවර කරලා නම්ගිල්ගේ ගෙදර යන්න හැදුවේ පරීක්ෂණය විසදන්න තියෙන වුවමනා වටද නැත්තන්, මීහීව බලන්නද කියලා මං දන්නේ නෑ. ඒත් ඒ ගෙදරට ළං වෙන්න ළං වෙන්න මගේ පපුව ගැලවෙන්න තරම් වේගෙන් ගැහුනා. කවුරුත් නිසා ගල් හිත හෙල්ලුවේවත් නැති පාක් ජිමින් මෙහෙම හැසිරෙන්නේ ඇයි කියලා මං මගෙන්ම ප්‍රශ්න කරා. මං එහේ යද්දී මීහීත් තවත් වැඩ කරන කිහිප දෙනෙකුත් ඇරෙන්න වෙන කවුරුත් හිටියේ නෑ. මං ගේ ඇතුළට ගිහින් එතන පුටුවක වාඩි වුනා. ටික වේලාවකින් මීහී එතැනින් ඇවිත් වාඩි වුනේ මං එයාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ කියලා කිව්ව නිසා. එයා ඇදන් හිටපු ලා රෝස පාට ගවුමට එයාගේ ලස්සන තවත් කැපිලා පෙනුනා.

"හන් මීහී නේද නම?"

"හ්ම්ම්"

"වයස කීයද?"

"25යි"

මට වඩා අවුරුදු දෙකක් බාලයි.

"කාලාද ඉන්නේ?"

එයා පුදුමයෙන් මගේ මූණ දිහා බැලුවේ, ඇත්තටම මං ඒ ඇහුවේ අහන්න ඕනේ ප්‍රශ්නයක් නෙමෙයි නිසා. ඒත් මට දැනගන්න ඕනේ වුනේ එයා හොදින්ද ඉන්නේ කියලා.

"මං දන්නවා පවුලේ කෙනෙක් නැතුවුනාම දැනෙන දුක. ඒත් මේ වගේ වෙලාවක ඔම්මාට හයියක් වෙන්න බලන්න. දුක් වෙන්න එපා මොනවා වුනත් නැතැත් මම, නෑ මං කිව්වේ අපි ඔයාට ඉන්නවා."

මං එයාගේ සිනිදු අත් දෙක මගේ අත් දෙකිනම අල්ලගෙන කිව්වා. එයා හොල්මනක් දැක්කා වගේ පුදුම වෙලා මගේ මූණ දිහා බලාගෙන හිටියා. එයාගේ සුදුමැලි වුනු මූණ දෙපැත්තේ ලේ පිරෙන්න පටන් ගත්තු නිසා එයාගේ කම්මුල් රෝස පාට වුනා. මටත් හරියට දැනුනේ මගේ කම්මුල් දෙකත් රත් වෙනවා වගෙයි. උගුර කට වේලිලා එකම වචනයක්වත් කටින් පිටවෙන්නේ නෑ. පොලිස් ජීප් එකට නැග්ගට පස්සේ තමා මං හරි සිහියට ආවේ. ඇත්තටම මං එතනට ගිහින් ඇහුවේ පරීක්ෂණයට ඕනේ ප්‍රශ්න නෙමෙයි. එයාගේ පෞද්ගලික ප්‍රශ්න. මං මගේ ගෙදර ගිහින් නිදාගන්න හැදුවත් නින්ද අහලකවත් නෑ. එයා මගේ හිතේ හොල්මන් කරනවා.

MISSION 🌸~PJM (Completed)Where stories live. Discover now