අපිට ජිවිතේ දැනෙන ගොඩක් හැගීම් වචන කරන්න හරි අමාරුයි. එයිනුත් කොහොම හරි කීපයක් වචන කරලා කිවුවොත් සමහරු හිතනවා අපිට පිස්සු කියලා. තවත් සමහර අය ඒ හැගීම් නිසා අපෙන් ඈත් වෙලා යනවා. බොහොම පොඩි අතලොස්සක් තමා අපේ හැගීම් වචන කරොත් අපි ලග රැදිලා ඒ හැගීම් අපි එක්ක බෙදා ගන්නේ. මේ හේතුව නිසාම ගොඩක් අය තමන්ගේ හැගීම් හිතේ පතුලටම වෙන්න හිර කරගෙන ඉන්නවා. මාත් ඒ විදිහට කරපු කෙනෙක්....
මන් ජන්ග් හෝ-සොක්. ස්කොලේ හැමෝම වගේ මට කතා කරේ හෝ-සොක් කියලා. ඒත් එයා ඇරෙන්න. එයා මගේ රෝස මල. එයා විතරක් මට කතා කරපු නම උනේ හොබී....
රියා කියන්නේ ගොඩක් ලස්සන කෙල්ලෙක්. එයා කියන්නේ මන් හරි විනෝද කෙනෙක්ලු ඒ නිසා මට හරි යන නම හොබීලු... රියාව මට මුලින්ම හම්බුනේ ස්කොලේ 6 වසරේදී. එදා චීටර් ගැණු ළමයි පිරිමි ළමයි කලවමේ දාපු නිසයි මට රියාව හම්බුනේ. මුල් දවස් ටිකේම මාත් එක්ක කතා කරනවා තියා එයා මගේ මුණවත් බැලුවේ නැ. ඒත් මගේ ඇස් දෙක නම් තිබ්බේ එයා ගාවමයි.
මගේ ජිවිතේ සතුටුම මොහොත උනේ එදා එයා මගෙන් නෝට් ඉල්ලන්න මාත් එක්ක මුලින්ම කතා කරපු දවස. එයා දවස් 3ක් යනකන් ස්කොලේ ආවේ නැ. හේතුව මන් දන්නේ නැති උනත් එයා නැති නිසා මන් හිටියේ පුදුම දුකකින්...
"මේ... මට ඔයාගේ නෝට් එක දෙන්න පුලුවන්ද?.." එයා මගෙන් ඇහුවාම මට දැනුනේ මන් නිකන් පාවෙනවා වගේ හැගීමක්. කොහොමත් 6 වසරේ ළමයෙක්ට මීට වඩා දෙයක් දැනෙන්න විදිහක් නැනේ....
එදා ඒ විදිහට කතා කරන්න පටන් ගත්තු කෙල්ල අන්තිමේට නැවතුනේ මගේ හොදම යාලුවා වෙලා. ඒත් මට නම් එයාගෙන් ඊට වඩා හැගීමක් දැනුනා. ඒත් හැමදාම වගේ එදත් මන් නිහඩයි...
මන් කරපු උදවුවට මටත් එයාගෙන් තෑග්ගක් හම්බුනා. හරිම ලස්සන රතු රෝස මලක්. එයාගේ අතින්ම හිටපු ගහේ පලවෙනි රෝස මල... එදා එයා දුන්න ඒ රෝස මල මන් පොතක් අස්සට දාලා මගේ අල්මාරියේ ඇතුලේ හැංගුවේ කාටවත්ම හොයා ගන්න බැරි වෙන්නයි.....
අපි හයිස් ස්කූල් එකේදිත් හිටියේ එකට. අපි හයිස් ස්කූල් යන මුල් කාලේ වගේ එයා ලොකු ළමයෙක් උනේ. දවස් ගානකට පස්සේ ස්කෝලෙට එයා එද්දී වෙනදට වඩා ලස්සනක් මන් එයාගෙන් දැක්කා. පිරුණු කම්මුල්, සදක් වැනි ඇගේ මුහුණ, නා දළු වැනි තොල්... ඇයට ගෙනාවේ අමුතුම ලස්සනක්. ඇය වෙනදාටත් වඩා ලස්සන වෙලා...
YOU ARE READING
Aren't We Friends? ||JHS || Complete ||
Short Story"මල්වල ලස්සන බලන්න ඒ මල කඩලා අතට ගන්නම ඕනේ නැ......."