🔹14.උණුසුම

1.1K 208 43
                                    

Yoongi POV..

"ඩෝං.....!!"

එකපාරටම තවත් හයියෙන් අකුණක් ගහපු නිසා මම සම්චොන්ගෙ ඇගේ වැදුනා..

"ස්..සොරි සම්චොන්...මම ටිකක් බය වුණා.."

මම වචන පැටලි පැටලි කියද්දි මුකුත් නොකියම එයා මම දිහා බලාගෙන හිටියා.

"ඔයාට කරදරයක් නම් මම යන්නම්..."

එහෙම කියලා ඇදෙන් නැගිටලා යන්න හැදුවත් එයා මගෙ අතකින් අල්ලගෙන නවත්තගත්තා..

"කරන්ට් ආවම යන්න..."

"හ්ම්..."

මමත් ඔළුව වනලා ආයෙත් ඇදේ වාඩි උනා.එයා මගෙ අත අතෑරලා ඇදේ ටිකක් කොනට ගිහින් අනිත් පැත්ත හැරිලා නිදාගත්තා..

මමත් ඇදේ ඇලවුනේ ඉක්මනට කරන්ට් එනවනම් කියලා හිතාගෙන..

ඒ එක්කම දම් පාට එළිය විහිදෙන අකුණක් ගහපු නිසා මම රෝල් වෙලා ගිහින් සම්චොන්ගෙ පිටේ වැදුනා..එයා මුකුත්ම සද්දයක් නොකර ඒ විදියටම ඉන්නවා.

වැස්ස ටික ටික තද කරලා අකුණුත් තව තව සද්දෙට ඇහෙද්දි මං තව තවත් එයාගෙ පිටට තුරුල් වුනා..එයා රස්නෙයි..මට ඒක දැනෙනවා..

එයා හිමීට හුස්ම ගන්න විදිය..තාලෙකට ඇහෙන එයාගෙ හාර්ට් එකේ සද්දෙ..ඒ ඔක්කොම එයාගෙ පිටට මූණ තියාගෙන මම අහන් හිටියා..නෑ ඇහුණා..

එයා එක පාරටම මගෙ පැත්තට හැරුනා..මම එයාගෙන් ටිකක් ඈතට ගිහින් එයා දිහා බලාගෙන හිටියා.කලුවරේ උනත් ඒ ඇස් දිලිසෙනවා..

එයා හිමීට මම ළගට ඇවිත් මගෙ ඉණ වටේ අතක් යවලා මාව එයාට තුරුල් කරගත්තා..මේ වෙලාවේ මට ආයෙත් මගෙ රූම් එකට යන්න බැරි නිසා මමත් එයාට තුරුල් වුනා.

ඒක හරිම වෙනස්...මගෙ හදවත අමුතු හැගීමකින් පිරිලා යනවා කියලා මට තේරුණා.. ජන්ග්කුක් සම්චොන්ගෙ ශක්තිමත් අත් අතර ඉන්නකොට දැනෙන ඒ අමුතුම උණුසුමට මම ආස කලා..

 ජන්ග්කුක් සම්චොන්ගෙ ශක්තිමත් අත් අතර ඉන්නකොට දැනෙන ඒ අමුතුම උණුසුමට මම ආස කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Playful  Little  One |  ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈWhere stories live. Discover now