MY LITTLE GIRL

134 24 12
                                    

" හේසොක් ..පුතා ඉක්මනට නැගිටින්න , ස්කූල් යන්න පරක්කු වෙනවා"

අදත් සුපුරුදු පරිදි ඔම්මා දොරට ගහලා ,සද්ද පුජාවත් දාලා,  ඇහැරිලා ස්කූල් යවන්න  නැගිටින ඔම්මගේ හුරතල් හේසොක් මම.

" මන් නැගිටලා ඉන්නේ ඔම්මා"

නැගිටලා ඉන්නවා කිව්වට තාම ඇදෙන් බැහැලවත් නෑ, ඇදේ එහාට එහෙට පෙරලිලා ඉක්මනට නැගිට්ටේ ඊළගට ඔම්මා කෙසේවෙතත් අප්පගෙන් හොද බැනුමක් අහගන්න පුලුවන් නිසා. වොශ් රූම් එකටත් පැනලා ඩාන්ස් පාරකුත් දාන ගමන් ආතල් එකේ ස්කූල් යන්න ලැහැස්ති වෙලා පහලට ආවේ කෑම කන්න හිතාගෙන , ඒත් පහලට එද්දී දැක්කේ මගේ නසරානී හියුන් ගෙදර ඇවිත් , පුදුමයි කවදද මෙයා කොරියාවට සැපත් වුනේ..

" ඔම්මා ඔම්මා "

" මොකද හේසොක් "

" මන් මේ දකින්නේ හීනයක්ද"

" මොකක් ගැනද කියන්නේ හේසොක් "

" අපේ හියුන් ගෙදර ඇවිත් පුදුමයි , මෙයාට ගෙදරක් තියෙනවා කියලා මතක් වෙලා"

" හොබී ඕක නතර කරගන්නවා"

" ඉතින් ඇත්තනේ හියුන් කිව්වේ, ඔයා මේ අවුරුදු තුනකට පස්සේ ආවේ, මන් මධ්‍යම පාසලේ යද්දී තමා ඔයා  US ගියේ, දැන් මන් උසස් පාසලේ අවසන් වසරේ"

"ඒ නිසාම තමයි මන් ආවේ"

" මොකක් හේතුව"

" හේසොක් "

" ඕ අබෝජි "

" හියුන් අද ඉදන් ඔයාගේ ස්කූල් එකේ සොන්සෙන්නිම්  කෙනෙක් "

කකා හිටපු පාන් කෑල්ලත් මොලේට ගියාද කොහෙද..

" අබෝජි ඔය ඇත්තමද කියන්නේ "

" අබෝජි කියන්නේ ඇත්ත, ඇයි තමුන් බයවෙලා , හොර වැඩ එහෙම තියෙනවද"

" මේ හියුන් නැති ඒවා ඇති නොකර ඉන්නවකෝ ආවනම්"

" ඕ ඔහොම යන්කෝ"

" ඔම්මා මන් කාලා ඉවරයි , මන් යනවා අබෝජී මන් යනවා, ඒ හියුන් බායි"

කට්ටියටම ටටා බායි කියන ගමන් මගේ පුංචි පුටාර් එක එකට වාරු දීලා දෙයියනේ කියලා කකුල් දෙකට විරීය අරන් බයිසිකලේ පැගුවේ නම්ජුනාගෙ ගෙවල් පැත්තට. ඔයාලා මන් ගැන දන්නේ නෑනේ , ඔව් ඉතින් මන් කියන්න එපැයි නේද ..

You've reached the end of published parts.

⏰ Last updated: Sep 22, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

 MY LITTLE GIRL [JHS]Where stories live. Discover now