‌මං

583 134 51
                                    


ට්‍රේනින් අවුරුද්ද හරි ඉක්මනට ගෙවුනා. මං මහන්සි වුනා. එකක් නෑර උදේ ඉඳන් රෑ වෙනකන් එක එක ඉරියව් වලින්; මං සතුටු වුනා මගේ හැඟීම් පෙන්නන්න අවස්ථාවක් ලැබුනු එක ගැන. අවුරුදු 3 වගේ පුංචි කාලෙකදි මේල් මොඩ්ල් රෑන්කින් 1 ආව එක ගැන මට ආඩම්බරයි. 


ආඩම්බර වෙන්න දේවල් තියනවනම් කාටවත් කරදරයක් නැති විදියට ආඩම්බර වුනාට කමක් නෑ. ඒ තමා මං හිතන විදිය......


හැමදාම ශූටින් ඉවර කරලා ගෙදර ඇවිල්ලා පැයක් විතර ටබ් එකේ ඉන්න එක මට පුරුද්දක් වෙලා. ඒ තමයී මං දවසේ කරපු දේවල් ගැන හිතන වෙලාව. කෙටියෙන්ම මං මම වෙනුවෙන් වෙන් කරන කාලය ඒ. ගෑනු ලමයී මොඩ්ලින් ෆීල්ඩ් එක ඇතුලේ අනාරක්ශිතයි කිව්වට ඇත්තටම ඊට වඩා පිරිමි ලමයි අනාරක්ශිතයි. තනි කෙනෙක් විදියට, විශේශයෙන්ම පොඩි කෙනෙක් විදියට මේකේ රැකිලා ඉන්න මට හුඟක් අමාරු වුනා. නමුත් මං ඒක කරා. දැන් නම් කාටවත් මට ලං වෙන්නවත් බෑ. මොකද කිව්වොත් බෙන් කම්පැනීස් වලට ඉන්න ගෝල්ඩ් ඩිගර් එක මං. මට ගෙවන ගාන වගේ 3 ගුණයක් විතර එයාලා හම්බ කරනවා.


ගෙදරින් එලියට ඇදලා දාපු දවස මට තාම හොඳට මතකයි. කොච්චර දේවල් කරත් මට ඒක මගේ මතකෙන් ඇදලා දාන්න බැරි වුනා. තාමත්...මං හීනෙන් බය වෙලා ඇහැරෙනවා. මට බය හිතෙනකොට කවුරුහරි මං ලඟ හිටියනම් හොඳයි. ඒත් මට එහෙම කවුරුත් නෑ නේ. හිහිහිහිහිහිහි. බෙන් සර් කියනවා මං පොඩි ලමයෙක් වගේලූ. වෙන්නැති. ලමා කාලේ විඳින්න බැරි වෙච්ච මං ඒක විඳින්නේ දැන්. මං ආසයී මට සම්පූර්ණ කරන්න බැරි වෙච්ච ඉගෙනීම සම්පූර්ණ කරන්න.



ලෝකේ රටවල් ගානක මං ඇවිදලා තියනවා. මට ආදරේ ඕනේ තරම් ලැබෙනවා. ඒත් මට ඕනේ මගේම කෙනෙක්. මං ලඟින්ම ඉන්න, මට බය හිතුනම තුරුලු කරගන්න පුලුවන් කෙනෙක්, මහන්සි දැනුනම හැමදේම හරි යයී කියන්න කෙනෙක්, මගේම විතරක් කෙනෙක් ඉන්නවනම් මං ආසයී. ලෝකෙන් බාගෙක විතර ඇවිදලාවත් තාම මට එහෙම කෙනෙක් හම්බුනේ නෑ.


දවසක් මං කම්පැනි එකේ ඉඳන් ස්ටුඩියෝ එකට යනකොට පාර අයිනේ ඉඳපු චූටි පුලුන් බෝලේ ටිටූ......මං එයාව අරන් ආවේ සෝදලා කෑම දෙන්න. ඒ වුනාට මට එයාව යවන්න බැරි වුනා. මං ගෙදර එනකන් බලන් ඉන්න කෙනෙක් ඉන්න එක ගැන මට සන්තෝසයී. කොච්චර මහන්සි වුනත් එයාගේ හුරතලේට ඔක්කොම යටයී....හිහිහිහිහිහි එයා ඉතිම් මට විතරයී ආදරේ..හුම් වෙන කාටවත් ආදරේ නෑ. හුම් අනික් අයට හරි නපුරුයි එයා. හිහිහිහිහිහි.

ZOIWhere stories live. Discover now