12 | Artwork 🙃

283 80 50
                                    

" කැහ්! කැහ්!!"

ටේහ්යුන් ඇඳෙන් නැගිටලා කුස්සිය පැත්තට ආවෙ කන්න මොනව හරි හොයාගන්න හිතාගෙන. ඒත් කුස්සියට ලං වෙන්නත් කලින් ඒ පැත්තෙන් ආව කරවෙන ගඳට එයාගෙ මූන ඇකිලුනා.

" ආහ් අද නම් ජින් හ්යොන්ග්ට රෙසිපි එකක් වැරදිලා වගෙයි. "

කුස්සිය පැත්තෙන් ආව පුංචි දුම දැකපු ටේට හිනා ගියා.

"වාහ් ජිනී හ්යොන්ග්.... අද අපිට කරවෙච්ච- "

ටේ එයාගෙ ප්‍රශ්නෙ අතරමග නැවැත්තුවෙ කුස්සියෙ හිටියෙ එයාගෙ ජින් හ්යොන්ග් නෙමෙයි කියලා දැකලයි.

" ජුන් හ්යොන්ග්? ඔ- ඔයා මොකද කුස්සියෙ කරන්නෙ? "

ජින්ගෙ ආදරණීය කුස්සියට ජුන් කවදාහරි පය ගහලා තිබ්බොත්, එයාට වෙනදේ ගැන කරන අනතුරු ඇඟවීම් අනන්ත වතාවකටත් වඩා ඇහිලා තිබුන නිසයි, ටේ එකපාරටම පුදුම වුනේ.

" ආහ් ජුන් හ්යොන්ග් ඔයා කොහොමද ජින් හ්යොන්ග්ගෙ ඇස්වලින් බේරිලා එයාගෙ රාජකීය මුලුතැන්ගෙට රිංගුවෙ? "

ටේ මොන විකාරයක් කියෙව්වත්, නම්ජුන්ට නම් ඔලුව උස්සලවත් එයා දිහා බලන්න වෙලාවක් තිබ්බෙ නෑ.

එයා දුම් දාන පෑන් එකක් එක්ක ලොකු සටනක.

රත්වෙලා උඩ පනින තෙල් බිංදු සතුරු හමුදාවකින් ආරක්ෂා වෙන්න සාස්පානක පියනකුත් පලිහක් වගේ අල්ලගෙන, තෙල් හැන්දකින් ඔම්ලට් එකක් එක්ක ද්වන්ධ සටනක එයා හිටියෙ.

ඉතින් එයාට කොහෙන්ද ටේ කියන දෙයක් ගැන හිතන්න වෙලාවක්?

" ආහ්.. හ්යොන්ග්.. දැන් ඔය ඔම්ලට් එකේ කන්න දෙයක් ඉතුරු වෙලා නෑ.. ඔක්කොම කරවෙලා පෑන් එකට ඇලිලා ඉවරයි.. ඔය දාලා තියන තෙල් පූල් එක ගිනිගන්න කලින් ලිප නිමලා දාන්න. "

ටේ කිව්වෙ ඇස් දෙක රෝල් කරන ගමන්.

ටේගෙ අනතුරු ඇඟවීමට බය වුන නම්ජුන් ඉක්මනට ලිප නිමලා දැම්මා.

" හ්යොන්ග් මං හිතන්නෙ ජිනී හ්යොන්ග් හරි, හ්යොන්ග්ට කුස්සියට එන්න ඉඩ දෙනවා නම් කුස්සිය ගැන තියන ආසාව අතාරින්න වෙනවා... "

YOU AND MEWhere stories live. Discover now