01.

204 7 0
                                    

වේගයෙන් හෝන් එක ගහගෙනම ස්කූටිය නතර උනේ නවින ජගුවර් කාර් එකෙ ගැවි නොගැවි. හෙල්මට් එක ගලවලා බියපත් ඇස් වලින් අමාදි බැලුවේ ජගුවර් එක පොඩි පට්ටන් කරන්න තරම් කේන්තියෙන්. කෙල්ල ස්කුටියෙන් බැහැලා අඩියට දෙකට කාර් එක ලගට ආවේ හොද දෙකක් කතා කරන්න.

ඕයි...

අමාදිගෙ නපුරු ලාමක කටහඩ සද්දෙන් කිව්වෙ කිසිම සන්වර කමක් නැතුව. ඒත් කාර් එකෙන් නෙමෙ.කවුරුවත් බැස්සෙ. කෙල්ල සද්දෙන් කාර් එකෙ විදුරුවට ගැහුවෙ විදුරුව කැඩෙන්න තරම් හයියෙන්. මොකද කෙල්ලට කේන්තියි. කෙල්ල බයික් එක පැදන් ආවේ හරි කෙලින් සාමාන්‍ය විදිහට. එකපාරටම කොහෙන්ද දැම්ම කාර් එකක් නිසා කෙල්ල බේරුනේ නුලෙන්.

මිනිහො... බහිනවා එලියට... තමුසේ බුදලේ කියලා හිතාන්ද පාරේ පිස්සෙක් ගානට එලවන්නෙ... යකෝ මහ පාරේ මිනිස්සුත් යනවා... බහිනවා එලියට... පොලිසියට කෝල් කරන්න කලින්... සත්තුන්ට අන්තයිනේ මුන්...

අමාදිගෙ සැර වචන වලට අහල පහල මිනිස්සුත් වට උනේ තාමත් කාර් එකෙන් කවුරුවත් බැස්සෙ නැති හින්දා. ඒත් කෙල්ලගෙ ඉවසීම නම් පැනලයි තිබ්බෙ. කෙල්ල ෆෝන් එක අරන් පොලිසියෙ නම්බර් එක ගැහුවේ දෙවරක් හිතන්නෙ නැතුව. ඒත් එක පාරටම කාර් එකෙ ඉස්සරහා ශීට් එකෙන් බැහැපු කවුරු හරි කෙල්ලගෙ ෆෝන් එක උදුරලා අරන් බිම ගැහුවේ ස්ක්‍රීන් එකම පුපුරලා යන්න. අමාදිගෙ කේන්තිය ඉවසීම කඩාගෙන ගිහින් මරන්න තරම් කේන්තියෙන් ඇස් උස්සලා බැලුවා.

මොකද්ද මිනිහො කලේ... තමුසේට වැරදි කරලා මෙතන... මාව මරන්නද හැදුවේ... කාලකන්නි...

අමාදි සද්දෙන් කිව්වෙ කෙල්ල ඉස්සරහා කෙල්ල තරම්ම කේන්තියෙන් ඇස් රතු කරගෙන ඉන්න ඒ කඩවසම් තරුනයා දිහා බලාගෙන. ඒ තරුනයාගෙ ලස්සන සුදු කම්මුල් රතු වෙලා ඇස් ඒ තරම්ම රතු වේලා රෝස තොල් කේන්තියට නොපිට පෙරලෙන ගමන් ඒ පාට කරපු කෙටි කොන්ඩට ගසලා කෙල්ලට ඇගිල්ල දිගු කලේ කේන්තියට වෙව්වලන ගමන්.

තමුසේ... මොකද්ද කිව්වේ... කාලකන්නි... තො පාරේ හරියට නොයා මටද යකෝ පාට් එක දාන්නෙ... මන් යන්නෙ මට ඕන විදිහට... උබ එනවද මට උගන්නන්න... පොලියට කතා කරන්න... මන් කව්ද කියලා නොදැන යකෝ... උබේ පාට් පෙන්නපන්... මැරෙන්න දෙන්නේ... බල්ලා... ඉදපන් ගානට කොල්ලො...

අහසට දුරයිWhere stories live. Discover now