06ᵗʰ 🅴︎🅿︎🅸︎🆂︎🅾︎🅳︎🅴︎

323 72 22
                                    

කාලය ගෙවෙන්නේ හරි වේගෙන් නේද ඉන්හා... ඔයා ඉන්නව ද... මං දන්නවා ඔයා ඉන්නවා කියලා... කොහේ හරි ඉඳන් මං දිහා බලාගෙන ඉන්නවා කියලා... අද ජනවාරි 12... අදට මාස දෙකක් ඔයා මගෙන් ඈත් වෙලා... මට තාමත් ඔයාගෙ සුවඳ දැනෙනවා... ඔයා මගෙ ලඟ ඉන්නවා කියලා මට දැනෙනවා... ඒ නිසා මං ජීවිත් වෙනවා... මගෙ රෝස මල... මටත් නොකිය ම පිපිලා මටත් නොකියා ම ගියා නේද ම්ම්... මං තරහා නෑ... මට දැන්ම මැරෙන්න බෑනෙ මැණික... ඒ නිසා මං දරාගන්නං... කොහොමහරි මැරි මැරී ජීවත් වෙන්නම්... ඔයා ඒ දේ මට කිව්වනම් ඔයාට අමාරුයි කිව්ව නං... මං මොන ලෝකෙන් හරි ඩොක්ටර් කෙනෙක් හොයලා ඔයාව හොඳ කරනවා මැණික... ඒත්... අපි පරක්කුයි නේද... හිම වැටෙනවා බලං ඉන්න ආසයි කිව්වා නේද... ඒත් අද මං තනියෙන් හිම වැටෙනවා බලනවා... මට පාළුයි මැණික... මට සීතලයි... මං යන්න ද... ම්ම්ම්... ආයෙත් මං එන්නම්... ඔයා වෙනුවෙන්... මං බලං ඉන්නං...

ඉන්හාගේ යැයි පැවසූ සොහොන් කොත අසල වාඩි වී සිටි ජන්ග්කුක් ඇයට සමු දී එතැනින් නැගිට්ටේ එන්න එන්නම වැඩි වන හිම පතනය හේතුවෙන්...

*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*

නෑ නෑ වෙන්න බෑ... ඉන්හා.....

ඔළුවත් අල්ලන් ජන්ග්කුක් නැගිට්ටෙ ඇස්වලින් කඳුලු බේරෙද්දි... ජන්ග්කුක්ගෙ කෑ ගැහිල්ලෙ සද්දෙට ටේයොන්ග් දුවගෙන ආවෙ ඊයක වේගෙන්...

කුක් කුක් මොකද මේ

ටේයොන් ඇවිත් ජන්ග්කුක්ව තුරුලු කරගන්න කොට ජන්ග්කුක් හොඳට ම ඇඬුවා...

මොකද්ද උනේ කොල්ලො නරක හීනයක් දැක්කා ද ආ

හ් හ් හ්යොන්ග් ඉන්හා එයා

ශ් ශ් මේ වතුර එක බොන්න

ටේයොන් දීපු වතුර වීදුරුව එක හුස්මට බීපු ජන්ග්කුක් හිටියෙ තාමත් බය වෙලා

හ්යොන්ග් මට කියන්න අපි නින්දෙ දි දකින හීන හැබෑ වෙනවද කියලා

සමහරු කියනවා හැබෑ වෙනවලු සමහරු කියනවා නෑ කියලා අනේ මන්දා මං ඕවා විශ්වාස කරන්නෑ උඹ දන්නවනේ

❤️🔐𝐄𝐓𝐄𝐑𝐍𝐀𝐋 𝐋𝐎𝐕𝐄 || 𝐉𝐉𝐊 [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃√]Where stories live. Discover now