Announcement

153 32 10
                                    

රාක්ශ පැටව් ටික.කොහොමද ඔයාලට ?😊

හී... ගොඩ කාලෙකට පස්සේ නේද.😁.මේ මාසේ පටන් ගන්නකොට අලුත් chapter එකක් දෙන්නම් කියලා හිතුවට Blood of olympus එකේ සිංහල translations එක හම්බුන නිසා ඒක බදාගෙන ඉන්නේ දැන්.ඒක නිසා අලුත් update එක පරක්කු වෙයි කියලා යන්න ආවේ.🙂👉👈

ඔය යටින් තියෙන ටිකත් කියවගෙන යන්න.Rick Riordan ගැන විස්තර ටිකක් හම්බුනා ☺️.මම ලියපු එකක් නෙවෙයි හොදේ 😂

---------------------------------------------------------

දෙවිවරුන් ගැන ප්‍රබන්ධ කතා ලියූ Rick Riordan📚

📚 Percy Jackson ඇතුළු ඉපැරණි ග්‍රීක, ඊජිප්තු සහ නෝර්ස් දෙවිවරු අළලා ප්‍රබන්ධ කතා රචනා කළ ඇමෙරිකානු ලේඛක Rick Riordan, 1964 ජූනි මස 05 වන දින උපත ලද අතර ඔහුගේ සම්පූර්ණ නාමය වන්නේ Richard Russell Riordan ය. Fantasy ශානරයේ කෘති රාශියක් රචනා කළ ඔහුගේ මෙම කෘති භාෂා 50කට පමණ පරිවර්තනය වී තිබෙනවා.

📚 1997 දී ප්‍රකාශිත Big Red Tequila, Riordan ගේ මුල්ම සම්පූර්ණ නවකතාව වූ අතර එය ඔහුගේ Tres Navarre කතාමාලාවේ ප්‍රථම කෘතිය යි. Fantasy ශානරයේ නවකතා මාලා හැර වෙනත් කෘති ද Riordan විසින් රචනා කොට තිබෙනවා.

📚 Tres Navarre නවකතා මාලාව- මෙය අපරාධ (crime) ශානරයේ කතාමාලාවක්.
1. Big Red Tequila (1997)
2. The Widower's Two-Step (1998)
3. The Last King of Texas (2001)
4. The Devil Went Down to Austin (2002)
5. Southtown (2004)
6. Mission Road (2005)
7. Rebel Island (2008)

📚 Riordan විසින් රචිත fantasy adventure ශානරයේ නවකතා මාලා කිහිපයක් වෙනවා.

📚 Percy Jackson & the Olympians නවකතා මාලාව- ග්‍රීක සහ රෝම මිත්‍යා ඇසුරෙන් ගොඩනගන ලද Percy Jackson නම් අර්ධ දේව- අර්ධ මනුෂ්‍ය (demigod) තරුණයෙකු සහ ඔහුගේ මිතුරන්ගේ වීරක්‍රියා අන්තර්ගත කාතාමාලාවක්.
1. The Lightning Thief (2005)
2. The Sea of Monsters (2006)
3. The Titan's Curse (2007)
4. The Battle of the Labyrinth (2008)
5. The Last Olympian (2009)
*️⃣The Demigod Files (2009), Percy Jackson and the Singer of Apollo (2013), Percy Jackson's Greek Gods (2014), Percy Jackson's Greek Heroes (2015), Camp Half-Blood Confidential (2017) යන කෘතීන් මෙම කතාමාලාව හා සම්බන්ධ තවත් නවකතා සහ කෙටිකතා කිහිපයක්.

📚 The Heroes of Olympus නවකතා මාලාව- ග්‍රීක සහ රෝම demigods පිළිබඳව වන කාතාමාලාවක්.
1. The Lost Hero (2010)
2. The Son of Neptune (2011)
3. The Mark of Athena (2012)
4. The House of Hades (2013)
5. The Blood of Olympus (2014)
*️⃣The Demigod Diaries (2012) සහ Demigods of Olympus (2015) මෙම කතාමාලාවට සම්බන්ධ තවත් අතුරු කෙටිකතා සංග්‍රහයක් සහ e-book එකක්.

📚 The Kane Chronicles නවකතා මාලාව- ඊජිප්තු දේවකතා පාදක කරගත් තුන්ඈඳුතු නවකතා මාලාවක්.
1. The Red Pyramid (2010)
2. The Throne of Fire (2011)
3. The Serpent's Shadow (2012)

📚 Demigods and Magicians කතාමාලාව- Percy Jackson and the Olympians සහ The Kane Chronicles කතාමාලාවල crossover කතාමාලාවක් වන මෙහි මෙම කතාමාලාවන් දෙකෙහි ම චරිත අන්තර්ගත වෙනවා.
1. The Son of Sobek (2013)
2. The Staff of Serapis (2014)
3. The Crown of Ptolemy (2015)

📚 Magnus Chase and the Gods of Asgard නවකතා මාලාව- නෝර්ස් මිත්‍යා කතා පදනම් කරගත් demigods පිළිබඳ තුන්ඈඳුතු කතාමාලාවක්.
1. The Sword of Summer (2015)
2. The Hammer of Thor (2016)
3. The Ship of the Dead (2017)
*️⃣Hotel Valhalla: Guide to the Norse Worlds (2016) සහ 9 from the Nine Worlds (2018) මෙම කතාමාලාවට සම්බන්ධ තවත් කෘති දෙකක්.

📚 The Trials of Apollo නවකතා මාලාව- The Heroes of Olympus කතාමාලාවේ අනුගාමී (sequel) නවකතා මාලාවක්.
1. The Hidden Oracle (2016)
2. The Dark Prophecy (2017)
3. The Burning Maze (2018)
4. The Tyrant's Tomb (2019)
5. The Tower of Nero (2020)
*️⃣Camp Jupiter Classified (2020) මෙම කතාමාලාවට සම්බන්ධ අතුරු කතාවක්.

📚 Riordan ගේ තවත් කතාමාලාවක් වන්නේ The 39 Clues ය. ක්‍රියාදාම ශානරයේ නවකතා මාලාවක් වන මෙයට පොත් 11 ක් අන්තර්ගත වන අතර ඒ සඳහා ලේඛකයන් කිහිපදෙනෙකුගේ නිර්මාණ අන්තර්ගත වෙනවා. මෙහි මුල්ම නවකතාව වන The Maze of Bones (2008), Riordan විසින් රචිත නවකතාවක් වන අතර 11 වන නවකතාව වන Vespers Rising (2011) Rick Riordan, Peter Lerangis, Gordon Korman සහ Jude Watson යන ලේඛක-ලේඛිකාවන්ගේ නිර්මාණයක්. මෙය තවත් උපකතාමාලා 04කින් යුක්ත නවකතා මාලාවක්.

📚 Cold Springs (2004) නමින් නවකතාවක් ද Riordan විසින් රචනා කොට තිබෙනවා.

📚 තම සාහිත්‍යමය නිර්මාණ උදෙසා සම්මාන රාශියක් දිනාගන්නට ද Riordan සමත් වෙනවා.

📚 Percy Jackson & the Olympians නවකතා මාලාව ඇසුරෙන් චිත්‍රපට ද නිර්මාණය කර තිබෙනවා. Percy Jackson & the Olympians: The Lightning Thief (2010) චිත්‍රපටය සහ Percy Jackson: Sea of Monsters (2013) චිත්‍රපටය මේ ඇසුරෙන් නිර්මාණය වූ අතර එහි Logan Lerman (Percy Jackson), Alexandra Daddario (Annabeth Chase), Douglas Smith (Tyson), Brandon T. Jackson (Grover Underwood) සහ Jake Abel (Luke Castellan) මෙහි ප්‍රධාන චරිත සඳහා දායක වුණා.

---------------------------------------------------------

---------------------------------------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🤓🤓🤓

~ ° 𝐃𝐀𝐔𝐆𝐇𝐓𝐄𝐑 𝐎𝐅 𝐓𝐇𝐄 𝐒𝐄𝐀 ° ~ || ᴋᴛʜ [on hold]Where stories live. Discover now