හැඳින්වීමක් !

797 113 9
                                    


ඩිස්ක්‍රිප්ශන් එක කියවලා ආවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවා, මේක ෆෑන් ෆික්සන් එකක් නෙවෙයි.

මේක ඇත්ත කතාවක්. මට අහන්න ලැබුණු වෙනස් විදිහෙ කතාවක්. කොටින්ම මං මීට කළින් අහලා දැකලා නැති විදිහෙ කතාවක්. සරලවම කිව්වොත් කෙනෙක්ගෙ ජීවිත කතාවක්.

කතාවේ අයිතිකාරිය, ඇය මට වඩා නම් වැඩිමහල්. ඒත් අවුරුදු විසි ගානක පොඩි කෙල්ලෙක්. දැන් ඉතින් මේක ලියන මගේ වයස හොයන්න එපා. අක්කාගේ විස්තර මගෙන් අහන්නත් එපා. මොකද මං එයාට ප්‍රොමිස් වෙලා ඉන්නේ, එයාගෙ අනන්‍යතාවය කාටවත්ම කොයිම විදියකින්වත් හෙළි කරන්නේ නැහැ කියලා. ඉතින් අපි කතාව ගැන විතරක් හිතමු.

අක්කට මං කියන්නම් නේහා කියලා. එතකොට අක්කාගෙ බෙයාර්, අපි එයාට දැනට කියමු බෙයාර් කියලම.

අපි වට්සැප් ස්ටේටස් දානවා නේද? ඔව් අපි එහෙම කරනවා. අපි මොනවද ස්ටේටස් වලට ශෙයාර් කරන්නේ?

*එක්කො අපි කැමති දෙයක්?
*අපිට දැනෙන දෙයක්?
*අපි විඳින මොහොතක්?
*විඳවන මොහොතක්?
*පරණ මතකයක්?

මේ ඕනම දෙයක් ස්ටේටස් එකක් විදිහට එළියට එන්න පුලුවන්. ඉතින් මං දකිනවා මගේ ලිස්ට් එකේ ඉන්න කෙනෙක්, හිත රිදෙන විදිහෙ කලු, සුදු ස්ටේටස් ශෙයාර් කරනවා. එයාව මං හැබැහින් දැකලා නැහැ. පෞද්ගලිකව දන්නෙත් නැහැ. දන්නේ නම විතරමයි. ඊට අමතරව වට්පැඩ් යූසර් නේම් දන්නවා, එයාගෙ කතා කියවලා තියෙනවා. එයත් මං ගැන දන්නේ ඒ ටිකමයි.

ඔන්න මට ප්‍රශ්නයක්..... අක්කා ගෲප් වල චැට් කරන විදිහෙන් මං මවාගෙන හිටියා ප්‍රතිරූපයක්! ඔව් හැවෝම එහෙම ප්‍රතිරූප මවාගන්නවා. ඉතින් අක්කා ගැන මගේ හිතේ තිබුණ ප්‍රතිරූපය හරිම හොඳ එකක්.

ඉතින් මට ඕනි උනා එයාගෙ හිත පොඩ්ඩක් හදන්න. එයාට ඇහුම්කන් දෙන්න කෙනෙක් ඕනිද බලන්න. කලින් දවසෙ එයා දාලා තිබුණා ස්ටේටස් එකක්. ඒකෙ තිබුණෙ " මං ගැන හොයනවානම්, මුලින් ඔයා පර්ෆෙක්ට් කෙනෙක් වෙලා ඉන්න කියලා "  ඉතින් මං කලින් දවසේ, එයාට රිප්ලයි කරලා තිබුණා කවුරුත් පර්ෆෙක්ට් නෑ කියලා..... ඉතින් අක්කා උදේ ඒකට, ඔව් කවුරුත් පර්ෆෙක්ට් නෑ කියන දේ කියලා තිබුණා.

𝙱𝚁𝙾𝙺𝙴𝙽 𝙷𝙴𝙰𝚁𝚃 ✔✔Where stories live. Discover now