Prologue

1.1K 141 40
                                    

මේ, ගිම්හාන සෘතුව ආරම්භ වී ගෙවෙන දෙවෙනි සතියයි.

මුළු නිල් අහසම අද වෙනදා වගේ දීප්තිමත් නොවෙන පසුබිමක, වෙනදාට අතොරක් නැතුව ඇහෙන කුරුළු ගුමු නද පවා නෑහෙන තරමටම මුළු පරිසරයම හරිම නිහඬයි.

ඒ අතරේ තමන්ගේ එදිනෙදා වැඩ රාජකාරීවල කාර්ය්‍යබහුලව හිටපු දහසකුත් මිනිසුන්ගේ ඝෝෂාවෙන් දෝංකාර දෙන සෝල් නගරය, අද නම් අමුතු මූසල ස්වරූපයකින් වෙලාගෙන තිබුණේ හරිම ගුප්ත විදිහටයි.

ඈතින් ඇහෙන පුංචි දරුවෙක්ගේ වේදනාබර ඇඬිල්ල, ඊළඟ තත්ත්පරේදිම ආයෙමත් නෑහෙන තරමටම දැන් නම් මේ නිහඬබව පුදුම භයංකරයි කිව්වත් වැරදි නෑ.

ඒත් ඊළඟ නිමේෂයේදි මේ මූසල නිහැඬියාවට උත්තර ලැබෙන්න පටන්ගත්තෙත් හරිම අද්භූත විදිහටයි.

නගරයේ තැනින් තැන වාර්ථාවෙන්න ගත්ත හදිසි අනතුරුවලින් රෝහල්ගත කරපු තුවාලකරුවන්ගෙන්, සෝල්වල ප්‍රධාන රෝහල් හැමකම පාසා ඇඳන් පිරී ඉතිරී ගිහින් තිබුණේ මේ අවාසනාවන්ත සිදුවීම් මාලාවට ආරම්භයක් ලබා දෙමිනි.

සෝල් නගරයට ඇඳෙන පොලිස් නිල රථ, හමුදා යුද්ධ ටැංකි විතරක් නෙවෙයි සයිරන් නලා ශබ්දයෙන් මුළු සෝල් නගරයම ගිගුම්දෙන තරමටම නගරයට ඇඳී එන දහසකුත් ගිලන්රථවලත් නිමාවක් තිබුණේම නැති තරම්.

අවි දරාගත් දහසකුත් හමුදා සෙබළුන් වගේම ආරක්ෂක අංශ නිලධාරීන්, තමන්ට පැමිණි මේ අළුත් අභියෝගෙට මුහුණ දෙන්න පළමු පියවර ඉදිරියට තැබුවත්, ඒ හැමදේම ගඟට කපපු ඉණි වගේ අසාර්ඨක මෙහෙයුම් පමණක්ම වුණා.

ඉතින්, ශක්තිමත් සෝල් නගරයම මරණ බියෙන් ඇලලී යන්න ගත උනේ පැයකටත් අඩු පුංචි කාලයක් විතරයි.

හැම වීදියකින්ම ඇහෙන්න ගත්ත මිනිස්සුන්ගේ විලාප හඬවල්වලින්, දැන් නම් මුළු නගරයම දෝංකාර දෙන තරමටම මේ වෙන දේවල් හරිම ගුප්තයි.

ප්‍රධාන පාරවල් සිසිරා කෑගසමින් දුව යන දහසකුත් ගැහැණුන්, පිරිමින් වගේම පුංචි දරුවන් පවා සෝල් පාරවල්වල තැනින් තැන වැතිරී තම ජීවිතය යදිමින් සිටියා.

The Walking Dead ‖ OT7 [6]Where stories live. Discover now