Chapter 10: Home Sweet Home

343 93 59
                                    

පහුගිය දවස් දෙක තුනේම තිබ්බ අඳුර වළාකුළුවලින් අදත් ඒ විදිහටම ඩෙගු අහසම අරක්ගෙන. ඒ අස්සේ මුළු ඇඟම සීතලෙන් සලිත කරවන තරම් තදට හමායන හුළඟත් කියාපෑවේ ලොකු කුණාටුවක පෙරමං සළකුණුයි. සාමාන්‍ය කුණාටුවක් නෙවෙයි, හිම කුණාටුවක පෙරනිමිති කියන්න වගේ ඊයෙ රෑ පටන් ගත්තු පළවෙනි හිම වැස්ස නම් Bangtan ටීම් එකට ගෙනාවෙ තවත් කරදරයක් විතරයි.

ඉතින් පහුගිය සතියෙම වෝර්කර් කෙනෙක්ව ඇහකටවත් මුණ නොගැසුණ එක මේ පුංචි ටීම් එකට මහ අමුත්තක් ගෙනාවත්, එක අතකට එහෙම වුණ එක ගැන ඒ හැමෝම හුඟක් සතුටු වුණා. මොකද පහුගිය කාලෙ පුරාවටම සිද්ධවෙච්ච දේවල්වල හැටියට ඒ අයගේ හිත්වල තිබ්බ වේදනාව වගේම තරහව නිසා, මේ අය හුඟාක් මානසිකව දුර්වලවෙලයි ඉන්නේ. පිටට නොපෙන්නුවත් පීඩී ඇතුළු මේ හැමෝම, තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් සටන් කරන්න බැරිවෙච්ච එකට තවමත් පසුතැවිලි වෙනවා කියන එක නම් හැමෝටම තේරෙන රහසක්.

ඒත් අද වෙනකොට, මීට දින සීයකට කලින් හිටපු කොල්ලො හත්දෙනා නෙවෙයි ගොඩනැඟිලා ඉන්නේ කියලා කිව්වත්, ඒකෙ වැරද්දක් මන් දකින්නෙ නෑ. 'කොහොමහරි ජීවත්වෙනවා' කියන ප්‍රධාන අරමුණ වගේම තවමත් ලඟාවෙන්න බැරිවුණ 'ජේජු කෑම්ප් එක' හොයාගෙන යන අරමුණු දෙක නිසා, ඒ අයගේ හිත්වලට පුදුම ශක්තියක් ඇවිත් තිබුණා කියලා නොකිව්වොත් ඒක ලොකු අඩුපාඩුවක්. ඉතින් ඒ ඇස්වල කලින් තිබුණු 'බය' කියන අකුරු දෙක වෙනුවට 'දිනමු' කියන අළුත් අකුරු තුන ආරූඪවෙලයි තිබුණේ, ඒ අරමුණු දෙකට තවත් ධෛර්යය එක් කරන්න වගේ.

"මේ යන විදිහට වෝර්කර්ස්ලා ගාණත් එන්න එන්න වැඩිවෙනවා මිසක අඩුවෙන පාටක් නෑ. අනික, අපි අටදෙනාටම තියෙන්නේ ඔක්කොම තුවක්කු පහයි. එතනිනුත් රයිෆල් දෙකක් විතරයි, තව ටික කාලෙකට හරි උණ්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ."

ඔව් පීඩී, මේ පොලු, පිහිවලින් වෝර්කර්ස්ලට ඇටෑක් කරනවා කියන්නේ ඉතින් මරාගෙන මැරෙන වැඩක් වගේ තමයි... අපි හැමෝගෙම අතට ගන් එකක් නැති එක ලොකු අවධානමක් නේද?"

පහුගිය සති තුන හතරම එකම තැනට වෙලා මේ අටදෙනා ගත කරපු නිසා, කෑම්පර් වෑන් එකේ ඉතුරුවෙලා තිබුණු අන්තිම පෙට්‍රල් ටිකත් අද උදේ වෙද්දි ඉවරවෙලයි තිබුණේ. ළඟපාතක වෙන කිසිම වාහනයකුත් මේ අයට හොයාගන්න බැරි වුණ නිසා, තවත් පෙට්‍රල් හොයාගන්න තිබුණු අන්තිම බලාපොරොත්තුවත් මේ අයට එහෙම්මම අහිමි වුණා.

The Walking Dead ‖ OT7 [6]Where stories live. Discover now