02

590 158 44
                                    

" යසයි ඉලන්දාරි දෙන්නා එන වෙලාව, " අපි ගෙට පය තියනකොටම ඇහුනේ හොබී අප්පගෙ සුමිහිරි සුපුරුදු රිගින්ටෝන් එක


ටේ එයාගේ බොක්සි ස්මයිල් එක දාගෙන මගෙ පස්සෙන් ගෙට ආවා, මාත් හරීම අහිංසක බැල්මක් දාගෙන හිටියේ සුගා අප්පා ගෙදර ඉදීවා කියලා ප්‍රාර්ථනා කරගෙන


" හොබී ඔය දෙන්නට කෑ ගැහැව්වා කියලා වැඩක් නෑ, මෙ දෙන්නා දැන් පොඩි ලමයි නෙවේනේ, විස්සත් පැනලානේ, ඔන්න ඔහේ ඕක අතඇරලා මගේ කකුල මසාජ් කරන්නඩකෝ" දෙයියෝ බැලුවා වගේ සාලේ පැත්තෙන් සුගා අප්පගේ කටහඩ ඇහුනා, ශුවර් එකටම කකුලට මොකක් හරි කරගෙන ගෙදර ඇවිත් නැත්නම් මෙයා පදිංචි වෙලා ඉන්නේ ඔෆිස් එකේනේ

සුගා අප්පටයි, මටයි ටේටයි 3 දෙනාටම මාරාන්තික රැවිල්ලක් දාලා හොබී අප්පා බාම් එකක් හොයන්න ගිය අස්සේ මායි ටේඉ ටක් ගාලා මගෙ කාමරේට පැන්නා



අම්මෝ මන් මේ ලෝකේ ආසම තැන



මගේ ඇද



මන් බෑග් එකත් ගලෝලා පිම්මෙන් ඇදට පැන්නා, එතකොටම හෙන ගැහුවා වගේ මගේ සෝල්මේටත් ඒ වගේම පිම්මකින් මගේ ඇගට පැනපි


තව ඩිංගෙන මුගෙ වැලමිට මගේ.............

" යා ටේ අයින් වෙනෝකෝ තමුසේ බරයි හලෝ" මන් ටේව මගේ ඇගෙන් තල්ලු කරන්න ට්‍රයි කරන ගමන් කෑ ගැහුවා


" පුලුවන් නම් අයින් කරනවකො බලන්න" නක්කලේට වගේ කිව්ව ටේ එයාගේ දිග අතකුයි කකුලකුයි මගේ ඇග වටේ යවලා මාව එයාගේ ඇගට තද කරගත්තා

අම්මෝ යකෝ බදාගන්නවා කියලා ඔහොමත් බදාගන්නවද

හුස්ම ගන්නත් බෑ වගේ

" යා පාබෝ මගෙන් මැරුම් නොකා...." මන් කේන්තියෙන් ටේට කෑගගහ හිටියත් එක පාරටම මාව ගොලු වුනේ මගේ බෙල්ල ලගින් දැනුන තෙත ස්පර්ශය නිසා

ඒ ටේ.....

ටේ මගේ බෙල්ල සිනිදුවට කිස් කරනවා......


මන් දන්නවා අපි හොදම යාලුවො විතරයි එතනින් එහාට මුකුත් නෑ කියලා ඒත් ඇය මේ මගේ ඇගේ හිරිකඩු පිපෙන්නේ


ටේ අනන්තවත් මගේ නලලට හිස් මුදුනට කිස් දීලා තියනවා, ඒ එක සැරේකවත් මට මෙහෙම දැනිලා නෑ

ඇයි මෙ අද අමුතු හැගීමක්


ටේගේ හුස්ම රස්නෙට මගේ බෙල්ලෙ වදිනවා, එයා තාමත් එයාගේ හීනි තොල් මගේ බෙල්ල පුරා ගෙනියනවා


මට නිකම්......... අනේ මංදා

මට කුයගන්න තේරෙන්නේ නෑ

මාව නික්ම් පැරලයිස් වෙලා වගේ

නෑ නෑ ජිමින් හොද සිහියට එන්න

ඔතනින් අයින් වෙන්න, මේක වැරදියි , අන්තිමට මගේ මොලේට හෙන ගැහුවා වගේ එහෙම හිතුනා

මන් ටේව තල්ලු කරගෙනම හයියෙන් නැගිට්ටා

මගෙ හුස්ම වේගෙන් වැටෙනවා,

මන් ලාවට ටේ දිහා හැරිලා බැලුවා

එයාගේ හුස්මත් වේගෙන් වැටෙන්නේ

ඇය් මේ.... මොකක්ද අපි දෙන්නට මේ උනේ

" මියානේ චිම්" එහෙම කිව්ව තවත් ටේ වචනයක්වත් නොකියා , මන් මුකුත් කියන්නත් කලින් කාමරෙන්  දිව්වා

මොකක්ද යකූ ඒ වුනේ

📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑📑


රෑට කන වෙලාවෙත් මන් හිටියේ බෙඩ් රූම් එකේ වෙච්චි සිද්දිය මතක් කර කර

ආයිශ් මොකක්ද ඒ වුනේ

බැරි වෙලාවත් ටේ මටකැමතියි වත්ද

නෑ නෑ වෙන්න බෑ , ජෙනී කියන්නේ ටේගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නේ

දැන්නම් ඔලුවත් විකාරයි

" මොකෝ ලමයෝ වෙලා තියෙන්නේ" හොබී අප්පගේ කටහඩට තමා මන් පියවි සිහියට ආවේ

" හී ඇයි මොකද" මන් දත් තිස් දෙකම එලියට දාලා කියුට් විදියට අප්පගෙන් ඇහුවේ එගෙම කලාම එයාගේ තරහ නිවෙන නිසා

"මොකෝ කියලා අහන්නේ, පිස්සුද ලමයෝ ගෑරුප්පුවෙන් සුප් බොන්න හදන්නේ" හොබී අප්පා කෑ ගහනකොට සුගා අප්ප හක හක ගාලා හිනාවුනේ නැතැයි

මදැයි කොලා....



🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මේක තව කොටස් 3 විතර ඉවරයි

පොඩි කතාවක්

ඔයාලට හිතෙන දෙයක් කියන් යන්න

Love you all




🇭 🇮 🇩 🇩 🇪 🇳                                                  [Completed] Where stories live. Discover now