💜️ 1st Chapter 💜️

72 7 5
                                    

උදේ පාන්දරම ඇද හැලුන වැස්සත් එක්ක අද දවසම කලුවර වෙලා වගේ.. ඒත් වැස්ස ඉවරයි කියන්නත් බැරි අද දවසේ සැරින් සැරේ  පොද ගැහුව නිසා.. දැනුත් ඒ වගේ..

"නූනා මෙලී ඇදුමක් අරන් එනකන් මේ ටවල් එකෙන් ඔලුව පිහිද ගන්නකො.. "

බොම් දීපු ටවල් එකෙන් ඔලුව පිහිද පිහිදම මම ඉස්සටහට ඇවිදගෙන ගියා.. අද ශූට් එකත් හරියට කරගන්න බැරි උන නිසා මම හිටියේ ගොඩක් අවුලෙන්..

"සැරින් සැරේ වහින්නේ නැතුව එක පාරම වැහැලා ඉවරයක් වෙනවනන් එකක්.."

මම උඩ ඉන්න එක්කෙනාටත් එක්කම බැන බැන ඉස්සරහට ගියේ කොච්චර උනත් වැස්ස කියන්නේ මං විදින්න ආසම හැගීමක් එකක් නිසා..

"නූනා නූනා.."

මම යන එක නවත්තලා බැලුවේ කුඩේකුත් අරන් මගෙ පැත්තට කෑ ගගහා එන බොම් දිහා.. කොල්ලා නිකන් තෙමිච්ච කුකුළා වගේ..

"නූනා මොකද මේ වැස්සේ කරන්නේ.. එන්න ඉක්මනට ඇතුලට යන්.."

බොම් කලබලෙන් කුඩෙත් ඉහලන් මගෙ අතිනුත් ඇදන් සෙට් එකේ කට්ටිය හිටපු පැත්තට ආවා..

"ඔන්නි මොකද අනේ මේ.. හැමදාම අපි දෙන්නා කියනවනේ වැස්සේ තෙමෙන්න එපා කියලා.. හෙම්බිරිස්සාවක්වත් හැදුනොතින් එහෙම.."

"හචිස්.."

මෙලී කියලා කට ගන්න හම්බුන්නෑ මට හචිමක් ගියා.. මට හිනා ගියේ මෙලී වගේම බොම්ත් මං දිහා ඔරවලා බලනකොට..

"නූනා තව හිනාවෙන්න.. එතකොට හරිනේ.."

බොම් මට රව රවම කියනකොට මම හා කියන්න වගේ ඔලුව වැනුවා..

"ඔන්නි අපි වෑන් එකට යන්.. මෙහෙම හිටියොත් හෙම්බිරිස්සාව වැඩි වෙයි.."

මෙලී කියනකොට බොම් කුඩේකුත් උස්සන් ඇවිත් මාව වෑන් එකට එක්කන් ආව නිසා මාත් ඉක්මනට ඇදුමක් දාගෙන ශීට් එකකින් වාඩි උනා.. එහෙම්මම බොම් වෑන් එක ස්ටාට් කරපු හින්දා මම එයා දිහා බැලුවේ මොකෝ මේ කියන්න වගේ..

"ඩිරෙක්ට'නිම් කිවුවා අදට ශූටින් ඉවරයි කියලා.."

ඒක ඇහෙනවත් එක්කම මට දැනුනේ මම අද දවසට නිදහස් කියලා.. ශීට් එකේ ගැට්ටකට හේතුවක් දාගෙන මම එළිය බලන් ඉද්දිම මට නින්ද ගිහිල්ලා..

You've reached the end of published parts.

⏰ Last updated: Mar 09, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐘𝐨𝐮 𝐆𝐨𝐭 𝐌𝐞 💜 || 𝐌𝐘𝐆 || Upcoming Where stories live. Discover now