මා ඔබේ පමණයි...🔞

1.6K 262 29
                                    

~~~මේක wangxian චරිත දෙක සම්බන්ධ කරලා ලියපු one shot එකක්...මේක 18+ එකක්...අකමැති අය කියවන්න එපා~~~😌
.........................................................

මා ඔබේ පමණයි...💛
..........................................................

පෙර දිනයේ ජින් නිකාය වෙත ගැටලු විසදීම සදහා පිටව ගිය ලාන් වංජි මේ වන විට වලාකුළු භවන වෙත පැමිණි අතර සියල්ලන්ටම සමුදී ඉක්මන් ගමනින් ජිංශිය වෙත පැමිණියේ ඔහුගේ ආදරණිය සහකරුවා වන වෙයි යින්ව දැක ගැනීමටයි.
වංජි ඈත සිටම දුටුවේ තමා දෙසට කුඩා දරුවකු සේ දුවගෙන පැමිණෙන වෙයි යින්වයි.
ඔහු වෙනදා ලෙසම දුවගෙන විත් වංජිගේ ගෙල බදාගෙන ඔහුට තුරුලු වූයේ සිනාසෙන ගමන්මයි.

"වෙයි...ඔබ මා එනතෙක් බලා සිටියද..."

"මා ඔබව අපේක්ෂාවෙන් සිටියේ ලාන් චාන්...ඔබ ප්‍රමාද කිමද...මා බිය වූවා..."

"මා දැන් පැමිණි නිසා ඔබ බිය විය යුතු නැහැ වෙයි...මා ඔබ සමඟයි...ඇතුලට යමු⁣ වෙයි පිටත සීතලයි..."

"නමුත් ඔබ උණුසුම් මාගේ ලාන් චාන්...ඔබගේ උණුසුමට මා ලෝභයි..."

"ඒ උණුසුම සෑම මොහොතකම අයිති නුඹට පමණයි වෙයි..."

"ලාන් චාන්..."

"කිමද වෙයි..."

"මා ඔසවාගෙන ජිංශිය වෙත යන්න..."

"හොදයි..."

වංජි වෙයිව ඔසවාගත් විට වෙයි වංජිගේ ගෙල වටා දෑත් යවා ඔහුගේ පපුවට තුරුලු විය.
දෙදෙනාම ජිංශිය වෙත පැමිණි අතර වංජි වෙයිව ප්‍රවේශමෙන් යහන මත තැබුවේය.

"වෙයි මා ස්නානය කර පැමිණෙන්නම්...ඔබ මෙහි රැදෙන්න..."

"නොහැකි ලාන් චාන්...දිනක්ම මා ඔබේ උණුසුම නොමැතිව සිටියා...තවත් වෙලා සිටිය නොහැකි..."

"නමුත් වෙයි මා අපිරිසිදුයි...පිරිසිදු වී පැමිණෙන්නම්..."

"මාගේ ලාන් චාන් අපිරිසිදු නොවෙයි...යන්නට ඉඩදිය නොහැකි ඔබට...අවශ්‍යයි ඔබේ උණුසුම..."

වෙයි මුරණ්ඩු වෙමින් එසේ පවසමින් වංජිව තමා වෙත ලංකරගන්නා ගමන්ම ඔහුගේ දෙතොල් මත දෙතොල් තබා සිපගන්නට විය.
දවසක්ම විදින්නට නොහැකිව තිබූ ඒ උණුසුමට වංජිත් හදවතින්ම ඇළුම් කලේය.
සිප ගැනීම ටිකෙන් ටික රළු වන විට ඒ හා සමානව වංජිගේ වගේම වෙයිගෙත් හැඟිම් පිබිදෙන්නට විය.

මා ඔබේ පමණයි ✔️Where stories live. Discover now