(1)

1.7K 214 2
                                    

දවසක් කදුලු මට කතාවක් කිව්වා
ඒ කතාවෙන් මම ජීවිතය ගැන ඉගෙනගත්තා
මම දැන් සතුටින්


Kim Taehyung POV

මම පල්ලියට පැමිණියේ වෙනදා මෙන්ම අදත් මගේ ජීවිතයේ කිසිදාක අමතක කරන්න බැරි කෙනෙක් සිහිකර යාඥා කිරීමේ අරමුණින්.

මද වේලාවක් දෙවියන් වහන්සේ දෙස බලාසිටි මා දෑස් වසා යාඥා කිරීම ආරම්භ කළේ ව්‍යාකූල වූ මගේ හිතටද එය මහත් නිදහසක් ගෙන ඒමට සමත් වීම හේතුවෙනි.

යාඥාව අතරතුර මා හට දැනුනේ කවුරුන් හෝ මාගේ අනෙක් පසින් හිදගන්නා බවක් ය. එම පුද්ගලයාගෙන් හමාගෙන ආ සැර විලවුන් සුවදින් සේම ඔහුගේ හුස්ම වැටෙන සියුම් ශබ්දයෙන්ද පවා ඔහු කවුරුද යන වග මා හට හදුනාගැනීමට එතරම් අපහසු දෙයක් නොවීය.

මා නොකඩවා යාඥා කරගෙන ගියේ ඔහුගෙන් මා හට බාධාවක් නොවන බව දන්නා කරුණක් නිසාවෙනි.

යාඥාව අවසන් කර ඔහු දෙස බැලූ මාගේ දෙනෙත් ප්‍රථමයෙන් දුටුවේ සිහින් දිග ඇස් පිල්ලම් සහිත කුඩා දෑස්,සීතල නිසා රතු වී තිබුනු කන් පෙති,චෙරි පැහැති තෙත් දෙතොල් මෙන්ම සිනිදු කම්මුල් සහිත කඩවසම් රුවක්. ඔහු කලු පැහැති කෝට් එකත් කලිසමත් සමග සම්පූර්ණ ඇදුමකින් සැරසී සිටි අතර මා ඔහු ප්‍රථමයෙන් දුටු දවසත් අද දවසත් අතර එතරම් ලොකු වෙනසක් නොමැති බව ඔහු දුටු විගසම මට සිහිවිය.

මා දෙස බලා සිනාවකින් සංග්‍රහ කළ ඔහු පැවසුවේ.....





"එයා දැන් සතුටින් ඉන්නවා ඇති ටේ"

🥀°•°ENDLESS__LOVE°•°🍁 Short Story(Completed)Where stories live. Discover now