(4)

510 150 0
                                    

මම හැකි සෑම දිනකම පල්ලියට යාම පුරුද්දක් කර ගත්තා.ඒ දිනපතා කෙනෙක් එතනට පැමිණෙන බව මම හොදින්ම දැනගෙන සිටි බැවිනි.

හැමදාම ඔහු සමග කතා කිරීමට නොහැකිවුනත් එම කඩවසම් රුව දිහා බලා සිටීමම පමණක් මට සෑහුනි.ඔහුව දැකීමට මගේ හිත බොහෝ පෙරැත්ත කලා.ඔහුව දකින විටදී මට දැනෙන අමුතුම හැගීමට වචනයක් දෙන්න මම දන්නේ නෑ. දිනපතා මෙලෙස පල්ලියට පැමිණෙන ඔහු තුළින් මා දුටුවේ දොම්නසින් පිරී ඇති ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්වයි.


එය මා හට පුදුමයට කරුණක් විය.හැමදාම සුඛෝපභෝගි කාර් රථයකින් පැමිණෙන සැප සම්පත් නොඅඩුව විදින ඔහු වගේ කෙනෙක්ට ජීවිතය පිළිබඳව කලකිරීමට තරම් හේතුව කුමක් විය හැකිද...? මගේ මතකය ගෙන ගියේ මා ඔහුව දුටු පළමු දිනයටයි. එදින ඔහු මගෙන් ඇහුවේ ඔයා තනිවෙලාද කියලයි. මගේ සිත මදක් කලබල වූ නිසා මා හට උත්තරයක් ලබාදීමට නොහැකිවූ නමුත් පසුව ඔහුම පැවසුවේ.............










"මම තනිවුනු කෙනෙක්. එකපාරම නිවුන අර ඉටිපන්දම තියෙන්නේ. මගේ ජීවිතයත් අන්න ඒ වගේ.."

🥀°•°ENDLESS__LOVE°•°🍁 Short Story(Completed)Wo Geschichten leben. Entdecke jetzt