Just One Day 🍂

1.4K 302 222
                                    

අප්පා කෙනෙක්ට දුවෙක් මහාමෙරක් වගේ කියනවා... ඒ වගේම දුවෙක්ට තමන්ගේ අප්පා කියන්නේ එයාගේ ලෝකේ හීරෝ... ඒත් මේ දෙකම මගේ ජීවිතේදී බොරුවක් නම්....? මට මගේ දුව මගේ ජීවිතේ මං දකින්න අකමැතිම කෙනානම්... ඒ වගේම මගේ දුවට එයාගේ හීරෝ මට වෙන්න බැරිනම්?...

" මේ හැමදේටම වගකියන්න ඕනේ තමුන් හාරූ... තමුන් විතරමයි... "

.
.
.
.
.
.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

කණ්අඩි පැලෙන්න තරම් තිබ්බ සංගීතේ එක්ක එක එක විච්චූරණ ඇදුම් ඇද ගත්ත කෙල්ලෝ ඇගේ යන්තම් වියතක් විතරක් වහන් නටන්නේ හරියට පිස්සුවෙන් වගේ.. හරියට ඒ අය මේ ලෝකේ ජීවත් වෙන අන්තිම දවස අද වගේ... කකා බිබී විනෝද වෙන ඒ කෙල්ලෝ අතරේ සල්ලීකාර අප්පලාගේ පුත්තු ඔහේ තම ජීවිත නාස්ති කරන්නේ හරියට ඒ අයට ඒ දේ අනිවාර්යයෙන් කළයුතු දෙයක් වගේ .....

ක්ලබ් එක එකම විනෝද පිටියක්... දවස ගානේ ක්ලබ් බහින කොල්ලෝ අතරේ විනෝදෙට වගේම හිතේ දුක නැති කර ගන්න එන කොල්ලොත් නැතුවම නෙවෙයි..

ඒ අතර තරමක් ඇගපත තියෙන ,උස , සුදු , කඩවසම් තරුණයෙක් එදා දවසේ ක්ලබ් එකේ හිටිය කෙල්ලොන්ගේ අවදානේ දිනා ගෙන ඉවරයි.... හැබැයි කොල්ලටනම් ඒ කිසි දේක වගේ වගක් නැහෑ....අතේ තිබ්බ වීදුරුව කරකව කරකව හැඩ බල බලම හිනා වෙවී උගුරට දෙකට විස්කී වීදූරු කොල්ලා හිස් කලේ වටේ පිටේ වෙන කිසිම දෙයක් ගැන ගානක් නැතුව.....

" සොක්ජිනා... මොකද්ද යකෝ මේකේ තේරුම අහ් ?..උඹ මෙතන කන මදයා වගේ බීගෙන .. අහ්.. මං හැමදාම උඹව හොයන් මේ සෝල් වල ක්ලබ් අස්සේ රිංගන්න... මොකද්ද මේකේ තේරුම... ? "

" එයාට.... එන්න කියපන්..... "

" ආෂ්ෂ්ෂ්.. ආයෙත්.... උඹ ඔය බී ගත්තම එන්න කියන කෙනා කවුද ?.. මොන කෙහෙල්මලකටද ඒකීව හොයන්නේ යකෝ...."

" එයාට එන්න කියපන් ජුන්...... එන්න කියපාආආආආන්......"

ජින්ගේ අතේ තිබ්බ වීදුරුව බිම වැදිලා සීසීකඩ විසිරිලා යන්න ගත වුනේ සුලු මොහොතයි... මුලු ක්ලබ් එකට ජින්ගේ සද්දෙත් එක්ක මොහොතකට නිශ්ශබ්ද වුනත් ආයේත් හැමෝම තම තමන්ගේ වැඩ වලට අවදානේ දුන්නේ ක්ලබ් එකක මෙහෙම දේවල් සාමන්‍ය නිසයි...

JUST ONE DAY 🍂  || KSJ || SHORT FF ( Completed ) Where stories live. Discover now