Just One Day Pt 2 🍂

1.1K 348 330
                                    

( මේ කොටස කියවද්දී ඔයාලා කැමතිනම් ශිහාන්ගේ " ඇස ගැටෙනා දස " සිංදුව අහන්න.. එතකොට ගොඩක් ෆීල් වෙයි කියලා හිතනවා )...🥀

~~~~~~~~~~~~~~~

මාස කිහිපයකට පසු ~....

London...

" නම්ජුනා අද මීටින් එක ඉවර වුනාම මොකද කරන්න ඉන්නේ ?"

" ම්ම් මුකුත් නැහෑ..."

" ක්ලබ් යන්ද.. කාලෙකින් ෆන් එකක් ගත්තෙත් නැහෑ බන්..."

"Ok Fine...සැපක් ගමු කොල්ලෝ.."

ජින්..මාස කිසිපයකට කලින් එදා රෑ සිද්දියෙන් පස්සේ ඊට පහුවදාම London ආවේ බිස්නස් වැඩකට නම්ජූන් එක්කමයි.. නම්ජූන් කියන්නේ ජින්ගේ එකම යාලූවා වගේම මිනිහාත් බිස්නස් වැඩ වලට සම්බන්ධ නිසා කිසි ප්‍රශ්නයක් නැතුව අප්පාගේ අවසර ඇතුව කොල්ලට නම්ජූන්ව එක්කන් යන්න පුලුවන් වුනා....London ආව මුල් දවස් ටිකේම ජින්ට හාරූව මතක් වුනත් දවස් ටික ටික ගෙවිලා යද්දී ඒ රැයත් ජින් ගත කල එක රැයක් පමණක් වුනේ London වලදිත් තමන්ගේ ජීවිතේ ආයේ ජින් පටන් ගත්ත නිසයි.

කෙල්ලෝ.. ජින්ට අඩුවක් නැහෑ..ඒ සල්ලී වලට , ඒ රූපේට කෙල්ලෝ ඕන තරම්... ඒත් ආදරය ඒ හිතට ඕන වුනේ නැත්තේ කොල්ලා ඉන්නේ තවම සෙල්ලක්කර වයසේ නිසයි.. වගකීම් ගොන්නක් තමන් මත පැටවුනත් ජින් ගත කල ජීවිතේ එක්ක ජින්ට ආදරයක් අවශ්‍ය නැති තරම්...ඒත් හැම වෙලේම දැනුන හිස් හැහීමක් කොල්ලගේ හිතට හැමදාම වද දුන්නා... කලින් කෙල්ලෝ එක්ක ඉද්දී ආශාවල් වලින් පිරුණ ඒ හිත දැන් කිසි හැගීමක් නැති හිස් බවකින් පිරිලා.. ඒත් ජින් ඒ ජීවීතේ අතඇරියේ නැහෑ...තව තව ඒකට බැදුනා මිසක්...

.
.
.
.
.
.

" ජිනා මොකද බන් අවුලෙන්..."

"කිසි ෆන් එකක් නැහෑ බන්..."

ජින් කිව්වේ තමන්ගේ ඔඩොක්කුවේ වාඩි වෙල හිටිය කෙල්ලට නොතේරෙන්න එයාලගෙන් භාශාවෙන්...

" වහ්හ් කෙල්ලෝ ලග ඉද්දි උඹ ඔහොම කියනවා කිව්වම පුදුමයි යකෝ...."

" අනේ මන්දා බන්... මගේ ඔලුවත් රිදෙනවා අපි යන්.."
.
.
.
.
.
.
.
.
.
.

JUST ONE DAY 🍂  || KSJ || SHORT FF ( Completed ) Where stories live. Discover now