SmilE ?

411 123 84
                                    

Jung Hoseok POV .

" කට්!!!!!  ඔයා ඒක ලස්සනට කරා හොබී... ඔය හිනාව තමයි ඉතින්. ලස්සනම.. "

පීඩී නිම් මගේ ගාවට ඇවිත් මගේ පිටට තට්ටුවක් දාලා කියද්දී මම හිනාවුනා.

මම ඉක්මනට hybe එකෙන් ආවේ මගේ කෙල්ල බියොල් ව බලන්න. බියොල් ඒ නමේ තේරුම තරුව. ඔව් එයා මගේ ජීවිතේට ආපු තරුවක්. හැමදාමත් ඉන්න තරුවක්. අල්ලගන්න බැරි තරුවක්.

තාමත් මම ඒ තරුව හොයනවා මුලු අහස පුරාම......

" හ්‍යුන් නූනට කියන්න එයාගේ කුකී එයාව මතක් කරා කියලා.."

ජන්ග්කුක් මගේ ඇගෙර් නැගලා කියද්දී මට ඉරිසියා හිතුනා . හහ්. එයාගේ නූනා වෙන්නේ කොහොමද එයා මගේ. ඉතින් .

මම hybe එකෙන් එලියට එද්දී එයා හිටියා බෙන්ච් එකක් උඩ වාඩි වීගෙන. හිනා වෙවී. හරිම ලස්සනට..

මට තාමත් මතකයි අපි දෙන්නා මුන ගැහුනු විදිය..

පොඩි පාලමක් උඩ තනියම පොඩි බලු පැටියෙකුත් තුරුල්කරගෙන හීතලට ගුලි වෙලා හිටියා. එදයින් පස්සේ දවස් දෙකක් තුනක් හම්බවෙද්දී මගේ හිතේ මටත් නොකියම එයා ගැන හැගීමක් ඇති වෙලා තිබුනා.

මගේ හිතේ තිබුනු හැගීම එයාට කිව්ව දවසේ කවදාවත් නැතුව එයා සතුටුවෙන්න ඇති. මට මේ සම්බන්දේ රහසක් වගේ තියාගෙන්න වුවමනාවක් තිබ්බේ නැති නිසා තමයි මම මුලින්ම ජින් හ්‍යුන් ට කිව්වේ. ඒත් ඒක කුකී නැම්ජූන් යුන්ගි ජිමින් ටේ ඔක්කොම හොරෙන් අහගෙන හිටිය නිසා මට එයාලටත් කියන්න වුනා. බියොල් මටත් වඩා සමීප වුනේ මගේ සහෝදරයන්ට.විශේෂයෙන් ම කුකීට ජිමින්ට ටේට.

මල්ලිලාට එයාලගේ නූනා
නූනට එයාලගේ මල්ලිලා

ඒ සම්බන්දේ මටත් වඩා ගලාගෙන ගියා. මට ඉරිසියා නොහිතුනාමත් නෙවෙයි .

කාලෙන් කාලෙ යද්දී අපේ සම්බන්දේ ප්‍රසිද්ධ කරන්න ඕන කියලා මට හිතුනා. ඒත් මම මේවගේ තීරණයක් ගත්තු එක ගැන තාමත් පසුතැවෙනවා.. ඒවගේම ආදරේ කරපු එක ගැන. හැමදේමම්ටම මම පසුතැවෙනවා. ඊටත් වඩා මම හිනා වෙනවා.

අපි දෙන්නගේ සම්බන්දේ ප්‍රසිද්ධ කරාට අපි දෙන්නම බලාපොරොත්තු වුනු හොද ප්‍රතිචාර අපි දෙන්නට ලැබුනේ නෑ. විශේෂයෙන් ම බියොල්ට..

SMILE ? || JHS ||  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]Where stories live. Discover now