💫Magic Shop ✨

183 53 26
                                    

පුතා ගාඩ් එකත් අරගෙන යන්න

ඒත් අප්පා..

මේ අහන්න පුතා අපි මෙහෙට අලුත් අනික ඔයා මෙහෙම ඇවිදලත් නෑනෙ ඒ නිසා ගාඩ් එක අරගෙන යන්න

අප්පා එහෙම කියනකොට මං බැලුවෙ ඔම්මා දිහා

ජිනී... අප්පා කියන එක අහන්නකො පලවෙනි දවස නිසා ගාඩ් එකත් අරගෙන යන්න

හ්ම්

මං කවුරු කියන එක ඇහුවෙ නැතත් ඔම්මා කියන එක අහනවා අපි ඉන්නෙ බුසාන් වල අපේ අලුත් ගෙදර සෝල් තරම් මට මෙහෙ හුරු නෑ ඒ නිසා මං අදට විතරක් අප්පගෙ ගාඩ් එකත් අරගෙන යන්න හිතුවා

බේබි අපි යමු ද

හ්ම්

අංකල් කාර් එකේ දොර ඇරලා දෙනකොට මං කාර් එකට නැග්ගා

අපි කොහෙට ද බේබි යන්නෙ

ම්ම් නිදහස් තැනකට

දේ

ඩ්‍රයිවර් අංකල් කාර් එක ස්ටාර්ට් කරනකොට මං window එක ඇරියා AC on කරලා සිතලට යනවට වඩා මං ආස පරිසරයෙන් එන සීතල සුළඟට...

ටික දුරක් ගියාම මං side කණ්ණාඩි වලින් පිටිපස්ස බැලුවෙ ගාඩ් එකෙන් කී දෙනෙක් එනව ද බලන්න මං දැක්කා වාහන 3ක් එනවා වාහන 3ක්??? එච්චර මොකටද මේ මාව බලාගන්න මං පොඩි එකෙක් ද අප්පත් එක්ක යන වාහන ටික දැක්කම ඉතින් වාහන 3ක් මදි මට අප්පා ඉතිං හමුදා ඇමති නෙ

බේබි අපි ආවා

කල්පනා කර කර ඉන්නකොට අංකල්ගෙ කටහඬට මං මේ ලෝකෙට ආවා

මේ කොහෙද මෙතන නිදහස් ද

මං ඇහුවෙ මං හිතපු තරම් නිදහසක් එතන නැති නිසා හැම තැනම මිනිස්සු සද්දෙ වැඩි

ඇතුලට යන්න ඕන බේබි

අංකල් ඇවිත් දොර ඇරිය ම මං ස්පෙක්ට්ස් දෙකයි පොතකුත් අරගෙන කාර් එකෙන් බැස්සා එතකොට අප්පගෙ ගාඩ් එකෙන් ඇවිත් මාව වටකර ගත්තා

ඇයි මාව වටකර ගන්නෙ මට තනියම යන්න පුළුවන් මෙතන මිනිස්සු බය කරන්න එපා

මං කැමති නෑ කැපිලා පේන්න මට ඕන සාමාන්‍ය විදියට ඉන්න ඒ නිසා මං එයාලව නවත්තලා ආවා මං දන්නවා මොනවා කිව්වත් එයාලා මගෙ පස්සෙන් එනවා කියලා නැත්තං එයාලගෙ ජොබ් එකනෙ නැති වෙන්නෙ ටික දුරක් ඇතුලට ඇවිද ගෙන ආවම තිබුණෙ ලොකු කැලයක් හැම තැනම බංකු තියලා කිසිම සද්දයක් නෑ කුරුල්ලන්ගෙ ඇරෙන්න

Magic Shop|| Jin Centric [√]Onde histórias criam vida. Descubra agora