එකම දේ නැවත නැවත් සිදුවෙමින් තිබුනා... හැම රෑකම ජන්කුක් හීනෙන් බයවෙන්නත්, ටේහ්‍යොන්ග්ගේ නින්ද නින්ද සම්පූර්ණයෙන් නැති වෙමිනුත් තිබුනා... සති දෙකක පමණ කාලයක් ජන්කුක් ගෙදරින් එලියටවත් නොයා හිටියා... ටේහ්‍යොන්ග් ඒ දේවල් අහන හැම වෙලාවකම ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක රණ්ඩු කරා ඇරෙන්න මේ සති දෙක පුරාවටම වෙන කිසිම දෙයක් වුනේ නෑ...
අදත් උදේම ජන්කුක් ටේහ්‍යොන්ග් එක්ක රණ්ඩු වෙලා උදේටත් නොකාම ආයේ කාමරේට ගිහින් ඇදේ වැතිරිලා හිටියා... ජන්කුක් කන්නේ නැති බව දැන දැනම ටේහ්‍යොන්ග් දවල් කෑම හදන ගමන් හිටියේ... දොරේ සීනුව නාද වුනාම ටේහ්‍යොන්ග් ගිහින් දොර ඇරියා... දොර ඉස්සරහා ඉන්න කෙනා දැකලා පුරුදු වුනත් එකපාරටම ටේහ්‍යොන්ග්ගේ මතකයට ඒ කෙනා ආවේ නෑ...
"මම ක්‍රිස් ජන්ගේ යුනිවර්සිටි එකේ ෆ්‍රෙන්ඩ්" ක්‍රිස් කිව්වම ටේහ්‍යොන්ග්ට ඒ කෙනාව මතකය ආවා... හතර පස් වතාවක්ම ජන්කුක් හොදටම බීලා ඉන්න වෙලාවල් වල ක්‍රිස් ජන්කුක්ව ගෙදර ගෙනත් තියෙන නිසා ටේහ්‍යොන්ග්ට ඒ කෙනාව මතක තිබුනත් නම මතක තිබුනේ නෑ...
"ඔහ්හ්හ් ඔයා එන්න ඇතුලට"
"ජන් ගෙදර ඉන්නවද"
"ඔව්"
"ජන් ගොඩක් දවස් යුනි ආවේ නෑ මම ආවේ කරදරයක්ද බලන්න" ක්‍රිස් කිව්වේ ඇත්තටම ජන්කුක් ගැන දුක් වෙමින්... ජන්කුක්ට යුනි එකේ හිටිය එකම යාලුවා වගේම ජන්කුක් ගැන තරමක් දුරට ක්‍රිස් දැනගෙන හිටියා...
"ඔව් එයාට ටිකක් අසනීපයි, ඒත් එයා හොදින් ඉන්න මම එන්න කියන්නම්, වාඩි වෙන්න" සෝෆා එක පෙන්නලා ටේහ්‍යොන්ග් හිනාවෙලා කිව්වම ක්‍රිස් වාඩිවුනා... ටේහ්‍යොන්ග් කාමරේට ආවේ ජන්කුක්ට කතා කරන්න... ඒ වෙනකොටත් ජන්කුක් කබඩ් එකෙන් ටීශර්ට් එකක් අරගෙන අදින ගමන් හිටියේ...
"කුක් ඔයාගේ යාලුවෙක් ඇවිත්" ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක් කොණ්ඩේ අතින් හදාගෙන දොර ලග ඉන්න ටේහ්‍යොන්ග් ලගට ආවා...
"මට අසනීපයක් නෑ" ටේහ්‍යොන්ග්ගේ කම්මුල් තද කරලා ඒ මූණට එබිලා කිව්ව ජන්කුක් කාමරෙන් එලියට ගියාම ටේහ්‍යොන්ග් එහෙමම ටිකක් වෙලා හිටගෙන හිටියා... ටිකකින් මූණට හිනාවක් අරගෙන කිචන් එකට ගිය ටේහ්‍යොන්ග් ජන්කුක් ක්‍රිස් දෙන්නමට කෝපි හදලා ගිහින් දීලා කාමරේට ගියේ හිතට දැනුන වේදනාව නිසා...
YOU ARE READING
doom ||vkook||
Fanfictionමම ප්රාර්ථනා කරනවා ඔයා මට ලංවෙන්න කලින් මම දැනගත්තා නම් ඔයා මගේ හිත බිදලා දායි කියලා.. එහෙනම් මම ඔයාට ලං නොවී ඉන්න තිබුනා ජන්කුක්.. ඒත් මේ තරම් දේවල් වුනාට පස්සෙත් මම හැමදේටම වඩා ඔයාට ආදරෙයි කුක්.. මට සමාවෙන්න මයි ලව්.. මට එක අවස්තාවක් දෙන්න.. මම ම...