Chapter 11

1.6K 378 72
                                    


" මින්ජී... මින්ජී"

මට ඇහුනා ජීමින් මාව හොයනවා හැම තැනම මම මගෙ කාමරේට ඇවිත් කර්ට්න් එක අස්සෙ හැංගිලා හිටියේ කාටවත් හොයාගන්න බැරි වෙන්න...

" මින්ජී "

" ඈඈඈඈඈඈ"

එයාගෙ අඩි සද්දෙ එනවත් එක්කම මම එයාගෙ ඇගට පැන්නේ එයාව බය කරන්න හිතන් මම කෙලින්ම ගිහින් එයාගෙ පිටේ එල්ලෙනකොට එයා දගලන්න ගත්තා... ඒත් මම අත් දෙක එයාගෙ බෙල්ල වටේම දාගෙන කකුල් දෙකත් ඉනේ පටලව ගත්තේ එයාට මම එක්ක හැරෙන්නවත් බැරි වෙන්න...

" මොකද ඔය කරන්නෙ ආහ්?"

" ට්..ට්..ටේහ්‍යුන් "

" බහිනව මගෙ ඇගෙන් "

ටේහ්‍යුන් කෑගහල කියනකොට මම ගැස්සිලා එයාගෙන් බිමට බැහැලා මගෙ ඇදුම හරියට හදාගත්තා...

" 🤣🤣🤣"

මට ඇහුනා දොර හරියෙන් කෙනෙක් හිනාවෙන සද්දයක් මම බලනකොට ජීමින් බිම බඩ ගගා හිනාවෙනවා... මම නිකන් අමුතු ජීවියෙක් දිහා බලනව වගේ ජීමින් දිහා බලාගෙන හිටියේ... මම දැක්ක ටේහ්‍යුන් ක්ලොසට් එකෙන් ඇදුමක් තෝරනවා... මේ මනුස්සයා මේ කාමරෙන් යන්නෙ නැද්ද අම්මපා..

" මේ ඔයා කවද්ද වෙන කාමරේකට යන්නේ?"

මම ඉනට අත් දෙකත් තියන් ටේහ්‍යුන්ගෙන් අහනකොට එයා මගෙ දිහා බැලුවෙ පුච්චලා අලු කරන බැල්මකින්..

" හැමදාම මේකෙ ඉන්නෙ "

ටේහ්‍යුන් ඇදුමක් අරන් සෝෆා එක උඩට දාන ගමන් කීවේ මගෙ දිහා බලන්නෙවත් නැතුව..

" එහෙම බෑ මටත් කියල පව්ද්ගලිකත්වයක් තියනව... "

මම එයාව මගෙ පැත්ත හරවලා කියනකොට එයා ගිහින් දොර දඩාං ගහලා වැහුවා.. මම ගැස්සුනේ මහ දවල් මොකෙක් හරි ට්‍රාන්ස්වේනියාවට බෝම්බ ගහනව කියල හිතලා...

" ඒත් දැන් අපි එක්කෙනෙක් "

" මොන එක්කෙනෙක්ද? ඔයා ටේහ්‍යුන් , මම මින්ජි"

මම එයාගෙ පැත්තට අත් දිග් කරලා අකුරෙන් අකුර පැහැදිලි කලා.. එයා ආයෙත් එයාගෙ සපත්තු දෙක ගලවල පැත්තකට දාලා සෝෆා එකෙන් ඉදගත්තා...

❗ BIT ME ❗[ Complete ]Where stories live. Discover now