~= අම්බර 6=~

424 89 35
                                    

උදෑසන වැටෙන පිනි පොදද පත්‍රගින් බිමට ගිලිහී වැටෙද්දී ආයුධානයන් සෙමින් දුර්වලව සිය දෑස් විවර කළේ වාග්ෂසයන්ගේ සිතට සහනය කැදවමනි. ඇසිල්ලක ප්‍රමාදයකින් තොරව වාග්ෂස ආයුධානයන්ගේ නළලෙහි සිට කොපුලද ස්නේහයෙන් සිපගත්තේ හිතේ උපන්නා වූ අප්‍රමිත සැනසීමෙනි. ඔවුන්ගේ දිවිය ද සිතිවිලිද ආත්මය ද වැරදීමකින් සිරුරු දෙකකට වන් වූ එකම ආත්මයක් බදු විය. නමුත් ආයුධානයන්ගේ දෑස් නම් නොසන්සුන් සෙයකි. තමා පෙර දැක නොමැති හැගුම් රාශියක් එහි ගුලිව තිබෙනු දැන් දැන් වාග්ෂසට හොදින් පෙනෙයි.

'' සස... '' ආයුධාන මිමිණුවේ වාග්ෂසගේ ස්වේත පැහැ සළු පිළු අල්ලා බලමිනි. ඉදින් ඒ ස්වේත සළු පිලි වාග්ෂසට සිහිපත් කළේ නම් ආලකපුර නිශා මිණි වූ සෙන්පති සසධාර්ම විය. ආයුධානයන් අඩපණව වැතිරී සිටිමින්ම සිනා නැගුවේ ය. දැන් දැන් වාග්ෂස දැස් දෙසවන් සේම මුවද හයා බලා බලා සිටින්නේ සිය සොයුරා තුල වූ විප්‍රයෝගය දෙසයි ! . ආයුධානයන්ගේ කාල දෙනයන දුලින් බැබළෙයි. මාදම් වැනි දෙතොල් ද දසන් අතර තරව ගොසිනි. මොහොතකට පෙර සුදුමැලි පැහැයෙන් ඔද වැඩී තිබු වත කමල රක්ත දෙළුම් පැහැයක් ගෙන තිබෙනු වාග්ෂසට හොදින්ම පැහැදිලිය .

ඉදින් ආයුදානයන්ගේ සිතෙහි නම් එක යුධයෙකි. එසේය , ඔහු කිසිදා එවැනි යුද්ධයක් නම් සිය දිවියේ දාහත් වසර පුරාවටම විද නොතිබුණේ ය. අහෝ.. විස්මයකි ඔහු නම් සසධාර්.... ආයුධාන සිහිනියේ ගැලී සිටිමින්ම තමාටම කොදුරා ගත්තේ සයනයෙහි වූ ඇතිරිල්ල දෑතෙහි ගුලි කර දෑස් පියවමිනි. දෑස් පියාගන්නා වරක් පාසා සෙනෙවි සසධාර්ගේ අඩ නිරුවත් රූ සපුව ආයුධානයන්ගේ සිත්හි සනිටුහන් ය. ඇසිල්ල අවෑමෙන් කයම පිබීදී යන්නේ ආයුධානයන්ගේ ද පාලනයෙන් ගිලිහී ය.

'' යුදවි ! නුඹ සුවෙන් ද !! ... '' වාග්ෂසගේ හඩ එවර නම් කෝපාන්විත ය. මරණාසන්නව සිටි සිය මලණු සිහි පැමිණි විගස ඇද ඇතිරිල්ල ද තෙරපා මෙසේ කෙදිරිලි නැගීම , ආලකපූර ඇවිදින පුස්තකාලය වාග්ෂසටද උභතෝකෝටික පැනයකි. ඔහු ස්වවාද්‍යයේද ? නමුත් අවධි වූ විගස ? !!!!!

'' සසධාර්.... සසධාර් සොයාගමු අය්යණ්ඩි.. ''ආයුධාන උන්මන්තක ලීලාවෙන් කෙදිරුවේ සයනය මත නැගී සිටීමට වෙර දරමිනි. ඌනපීඩිත අහරෙන් හා දැඩි කැපුම් තුවාලය ආයුධානයන් වළක්වා තිබුණේ ය.

𓀃 අම්බර 𓀃  ( On hold )Where stories live. Discover now