අධ්‍යන කටයුතු ( 2023 A/L) නිසාවෙන් ගිනුමේ කටයුතු තාවකාලික හො ඇතැම් විට සදාකාලිකවම නවත්වා ඇත. ඔය යටින් පෙනෙනා 70 ඉලක්කමෙන් බොහොමයක් දැනටද සම්පූර්ණ ය. එය කියවා බලා රසවිද ඔබගේ අදහස මේ කොහි හො කටුගා යාමට හැකි නම් අගනේ ය. කාර්යබහුල සමයක් ගෙවමින් සිටින බැවින් නිති මෙහි නොරැදෙන මුත් , මෙහි ඇති සියලු නිර්මාණයන්ගේ හිමිකාරිත්වය මාගේ පූර්ණ පරිකල්පනයට හො නිර්මාණකරණයට යටත් බවත් , ඒවා උපුටා ගැනීම, අන් මාධ්‍යක පළ කිරීම , අන් නිර්මාණයන් සදහා දායක කර ගැනීම සපුරා තහනම් වන අතර , බුද්ධිමය දේපළ සොරා ගැනීමක් ලෙසද සිහිපත් කර තබා ගැනීම ද බොහො අගනේ ය. ජීවිතේ එක් එක් කාර්තුවන්හිදි විවිධ දේ අත්හදා බැලීමටත් , ඔබ හා බෙදා ගැනීමට ඇති දැඩිකැමැත්ත මේ 70 ඉලක්කමත් , ඊට යටින් ඔබට නොපෙනුනු ඒ සාම විශාල ඩ්‍රාෆ්ට් ලයිස්තුවත් සංකේතවත් කරනු ඇත. මේ කුඩා කාලය තුළ හැගීම් හැකි පමණ අකුරු කිරීමට උත්සහ දැරුවෙමි . බාධා එකක් දෙකක් නෙව ඕනෑ තරම් තිබුණු බව යන්තමින් හො මතකයේ ඇති අතර ඒ සියල්ල සුන්දර මතකයන් කොට සලකමි . සමාජයේ සත්‍ය තත්වය පිළිබද බොහො දේ උගැන්මටද මින් මට ලැබුණු පන්නරය මා බොහො සේ අගය කොට සලකමි. අවවාද , ආශිර්වාද , ප්‍රශංසා, වෛරය , ඊර්ෂියාව වැනි හැගිම් මා හට පෙන්වූ ඔබ සැමට මා කෘතඥතාවයද පළකරිමි. මේ ගිනුම ඔබගේ ගමනට උත්ප්‍රෙර්කයක් කරගනු ඇතැයි මම සිතමි.  මෙය අවසන් සටහන ලෙස තැබීමට මා රිසි නොවූවත් , ජිවිතේ හඹා යාමට තවත් සිහින බොහොමයක් ශේෂව තිබේ . ඉතින් , මා කකුලින් ඇද දැමීමට උත්සහ කළ , මට පිටුපසින් සිට පිහියෙන් ඇනිමට තරම් දයාබර වූ සියලු දෙනාට යළිත් මගේ ස්තුතිය පල කරනු රිසියෙමි. මන්ද ඔවුන් මට සමාජය ගැන ඉගැන්වූ පාඩම යළි යළිත් ජිවිත විෂයෙහිලා මට අත්‍යාවශ්‍ය විෂය කරුණක් වනු ඇති බව දනිමි. මේ ගමන ඇරඹූවේ බිංදුවකිනි. එතැනි සිට මේ සටහන ලියන මොහොත දක්වාම කිසිවෙකුට හො වචනයකින්වත් අසාධාරණයක් මා නොකළ බව මම විශ්වාස කරමි. දිනෙන් දින මා හා රැදුනු සියල්ලන්ටම කෘතඥතාවය යළිත් පළ කරමි. මාව අල්ලන්නේ නැති අයට ද එයම එසේම පළකරමි. ජිවිතේ නුඹ සිහින හඹායමට නම් ඇතැම් දේ අත්හැරිම නියත වනු ඇත. යමක් හිමිවිම යනු තවත් දෙයක අහිමි වීම බවත් , යමක් අහිමි විම යනු තවත් බොහො දේවල්වල හිමිවිම යන කොතැනටත් අදාළ කරුණ මම සිහිපත් කරනු කැමැත්තෙමි.  පසුකාලිනව මා හා සම්බන්ධතාවය අඛණ්ඩ කර ගැනීමට කැමති අය සිටි නම් ,පහළින් ඇත්තේ මාගේ insta ගිණුමය.සුබ ගමන්. !❤️
  • She is walking on fire.
  • JoinedOctober 2, 2020



Last Message
Bulbz_D Bulbz_D Nov 28, 2022 10:05AM
Thank you so much for your lovely birthday wishes, !! ❤️( 22.11.22)ඇත්තටම පුදුමයි කට්ටිය විෂ් කරලා මැසේජ් බෝඩ් එකේ !!,..හැමෝටම වෙන වෙනම තැන්ක්ස් කරන්න නම් බැරි වෙයි ඉතින්....දැන් දහ අටක් .. යිපි යිප...
View all Conversations

Stories by BULB
 ♛ අග්නි ♛  by Bulbz_D
♛ අග්නි ♛
[ ⛎1st SRI LANKAN HISTORICAL BL STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 ...
- පර්ජන්‍ය  -  by Bulbz_D
- පර්ජන්‍ය -
'' විශ්වයේ ප්‍රේමයට හිමිකරු කවුරුන්දැයි නොදනිමි... එය කාවිසින් පනවන ලද නියමයක්දැයි ද නොදනිමි . නුඹ විසින් හදු...
ranking #441 in sinhala See all rankings
🌸 දිවයුරු වෙර 🌸 by Bulbz_D
🌸 දිවයුරු වෙර 🌸
𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - Historical BL - Short Story බිනර කුසුමතර ඔහුගේ රුව දුටිමි... දිවයුරු වෙර , පරදවා දැම...
19 Reading Lists