Chapter 01

40 10 8
                                    

1970.12.13
සත්‍ය සිදුවීමක් ඇසුරෙන් උපුටා ගත්තකි.

අද පෝන් හෙල් වලට තවත් ලස්සන දවසක්. වෙනදාට වඩා ලස්සන දවසක් උනාට නතාලියාට අද එපා කරපු දවසක් උනා. මොකද තම සැමියා ගේ අකල් මරනය හේතුවෙන් තම පුතුද උස් මහත් කිරීමේ වගකීම අද වැනි දවසක නතාලියාට පැවරුන බැවින්.

උදෑසනින්ම නතාලියා තම පුතු වන සූහං සමග "පේශැං" නගරයට යන්නේ අලුත් රැකියාවක් සොයා ගැනීමේ බලාපොරොත්තු වෙන්.
දෙදෙනාම දහවල් වන විට ගමන කෙලවර කර පේශැං නගරයට ආවේ ඉටු කරගැනීමට බොහෝ කාරියන් තිබෙන බැවීන්. එමෙන්ම ඔවුන්ට ජීවත් වීමට සුදුසු නිවසක් සොයා ගැනීමේ අරමුනින්.
"එන්න මැඩම්. මේක තමයි මම කීව අර ගෙදර." ගෙවල් අයිති කාරයා නතාලියාට ගේ වටේම පෙන්නමින් පැවසුවා.
බැලූ බැල්මට බූත බංගලාවක් වගේ තිබුනත් ඇතුලට යන විට නිවස ඉතා අලංකාර ලෙස මොවුන්ට දැක ගන්න ලැබුනා.
"හොදයි අපි මේක ගන්නවා."
නතාලියා එලෙස පවසමින් ගෙවල් අයිති කාරයා අතට මුදල් ලබා දී ගේ බාර ගත්තා.
"ම්... මෙහේ නම් හරි ලස්සනයි. අපිට හොදින් ජීවත් වෙන්න පුලුවන්. ඔන්න අපේ වාසනාවන්ත කාලේ ඇවිත්."
නතාලියා එහෙම කීවේ තම පුතු සමග දිවා ආහාරය ගන්න අතර තුරේදී.
"ඔවු මෙහේ අලුත් යාලුවොත් ඉන්නවා ඇති. " සුහං ද කතාවට එක්වෙම්න් පැවසුවා.
මේ විදිහට දවස හරි ඉක්මනට ගෙවිලා ගියා නතාලියාගේ සහ සූහංගේ බලාපොරොත්තු සමගින්.
දැන් රාත්‍රී 12  පමන වූවත් සූහංට නම් නින්ද අහලක වත් තිබුනේ නෑ.
එකපාරටම ඇහුනු විලාප ශබිධය නිසා සූහං ගබඩා කාමරය දෙසට ඇදුනේ තම සිතේ ඇති චකිතය නිවා ගැනීමටයි.
"හික් ඉහි හී..."
"කවුද ඔයා..."
ගබඩා කාමරයේ දොර විවෘත කරගෙන ඇතුලට ගිය සූහංට දකින්න ලැබුනේ  සෙලලං බෝනික්කෙක් පමනයි. නමුත් ඒ බෝනික්කාට හිසක් නොමැති අතර එයින් තැති ගැනීමට පත් වූ සූහං විගස තම කාමරයට ගොස් දොර අගුලු ලාගත්තේ බයටම කිය නොහැක.
"ඔහ් මම බොරුවටනි බය වෙලා තියෙන්නේ."එහෙම කියමින් සූහන් වේදුලි බල්බය දල්වා ඇදට යන්න හදන විට නාන කාමරයේ කරාමයක් විවර වන හඩ ඇසෙන්නට විය. ඔහු නාන කාමරය අසලට ගොස්  කරාමය වැහුවද නැවත නැවතත් එය විවර විය. එයින් බියට පත්වූ ඔහු නැවතත් කරාමය වැසූ අතර යම් කෙනෙක් ඔහුගේ පාදය ස්පර්ශ කරන නිසා පාදය දිහා බැලූ ඕට පෙනුනේ ශරීරයක් නැත් අතක් පමණක් ඔහුගේ කකුල අල්ලා සිටින බවක්ය.
"ඈ..." බයටම ඔහුට කෑ ගැසුනේ දගලන්න දගලන්න ඒ අත ඔහුගේ පාදය තුවාල කරන නිසායි.
විදුලි බල්බයද නිවි නිවී පත්තුවේ... බස්සන්ගේ මෙන්ම තනිකමේ නාදය ලෙසින් හදුන්ව මූසල හඩක්ද ඔහුට දිගින් දිගටම ඇහෙන්නට විය. කෙමෙන් වා කවුලුව ටීට් හඩ නගමින් බාගයක් පමන විවර වෙනවාත් සමගම ඈතේන් පෙනෙන චායාවන් ඔහු කරා ලේ පේපාසිතයන් මෙන් ඇදෙන්නට විය.
"අම්මේ....." සූහං තමාට ඇතු උපරිම ශක්තිය යොදා තම මව වන නතාලියාට ඇමතූ විගසම ඇය සූහං දෙසට පැමිනියා ය. නතාලියා එන විට හැම දේම සාමාන්‍ය වූ අතර ඇය සූහං පවසන්නේ මනස්ගාත යැයි සිතුවාය. තම මව සමග නිදිය ගැනීමට තීරනය කල සූහං පසුදින උදෑසන වන තෙක් නිදා ගත්තේය.

ඉර එලිය වා කවුලු වලින් යානිතමට ආවත් මේ නිවස මහ දවාලේ උවද රෑ මෙන් අදුරුය. නතාලියා උදෑසනම ගෙදරට අවැසි බඩු මෙන්න ඇයගේ අවශ්‍ය ද්‍රව්‍ය ගැනීමට සුපිරි වෙලදසැල වෙත යාමට සූදානම් උනත් සූහං ට නිවස තුල තනිව සීටීමට බියක් දැනුනී.
"අම්මේ මාත් එන්නද ඔයත් එක්ක යන්න" සූහන් විමසුවත් එය නිශ්පල වූයේ නතාලියා තරයෙ එයට එරෙහි වීම නිසායි.

Time pass
නතාලියා ගොස් පැයක් පමන වන තෙක් සූහන් නිදා ගත්තේ රාත්‍රී කාලය පුරාම ඔහු නිදියෑවේ නැති නිසා.
9.00 ට පමන අවදි වී ආහාර ගත් සූහං ට ලොකු තනිකමක් මෙන්න හිස් ස්වභාවයක් ද දැනෙන්න ගත්තේ ඔහුගේ බිය තවත් ඉහල දමමින්.
දවල් 12 වන තෙක් සූහං තනිව නිවස තුල සිටියද විදුලී බල්බයේ ආලෝකය හීන වි ගියා.
"ශිට් මේ මගුලත් දැන්ම කැඩුනනේ" සූහං විදුලි බල්බයට බැන වදිම්න් ලාච්චුව ඇර ඉටි  පන්දමක් ගෙන දල්වා එය රැගෙන ගියේය. නමුත් මගක් යන විට එය නිමී ගියේ සිතා ගත නොහැකි අන්දමින්ය. නැවත වතාවක් ඉටි පන්දම දල්වාගෙන ආවත් නැවතත් එය නිමී ගියේ සුලන් පොදක් වත් නැති විටියි.
තුන් වතාවටත් ඉටි පන්දම දල්වාගෙන ඇවිත් විදුලි බල්බය හැදූ අතර. නැවත එය ඩීං වෙන්න ගත්තේය. පුංචි ආලෝකයකින් කන්නාඩිය දීටු ඔහුට  දැකගත හැකි වූයේ හිස නැති සිරුරකි. එයින් බයට පත්වූ සූහං පුටුවෙන් ඇද වැටුනි. වැටුන තැන ලේ විලක් මෙන් තිබුනද එතන තිබී යමක් ඔහුට හමු වුනා. අත් වලට ගත්තේ කුමක් දැයි ඉටි පන්දමින් දැක්ක ඔවු ක්ලාන්ත උනා.
මොකද හිස නැති සිරුරේ හිසයි ඔහු අත්ලේ තිබුනේ.



හවස් වන විට නතාලියාද නේවසට පැමින විදුලි බල්බය දැමුවද දැක ගත හැකි වූයේ ඇය කවදාවත් දැකී යැයි වත් සිතුවේ නැති දෙයකී. ඒ තමයි ඔහුගේ පුතු සූහං ගෙල වැල දාගෙන ඇති අයුරු. නතාලියා හයියෙන් කෑ ගැහුවත්. ටී...ට් ශබ්දය නගමින් ද්වාරය වැසී ගොස් විදුලි බල්බ ගැස්සෙන්නට විය.
ඒත් එක්කම ඇය එලියේ සිටි පුද්ගලයෙක්ට නතාලියාගේ කෑ ගැසීම ඇසුනත්. ඔහු නෑසුන ගානට එතනින් ගියෝය.

"ක කවුද... ඔයා." නතාලියා විමසුවාය.

එතකොටම
නතාලීයාගේ දෑස ගැටුනේ බිත්තියේ ලියා තිබුනු
"Start of the end" යන වාක්‍යයි.
.......................
සූහං සහ නතාලියාගේ  මරනය ලෝකයට අබිරහසක්ම විය.

~START OF THE END~

START OF THE END (COMPLETED)Donde viven las historias. Descúbrelo ahora