Birthday gift

32 4 2
                                    

පරක්කු වෙලා දාන්න වුනාට වෙරි සොරි වෙන්න ඕනි මා පොක්ක 😁😁

...............................................................

@Shopping mole

" මන් කියන්නේ මේ ඇදුම ලස්සනයි. මේක ගන්න"

" මේක ගනන් වැඩි ජිජීයෝ"

" එකෙන් උබට වැඩක් නෑ ටේටා. මන් කිව්වනේ මේක ලස්සනයි මේක ගන්න"

" බෑ. මේක ගනන් වැඩි. අනික අපිට ඇදුම් විතරක් නෙමෙයි තව ගන්න තියෙන්නේ . "

" ඉතින් "

" ඉතින් කියන්නේ.. මේක ගනන් වැඩි මන් ගන්නේ නෑ.."

" අන්තීම පාරට කියන්නේ මේක ගන්නවද නැද්ද ?? නැත්නම් මන් යන්නද??"

" ඊඊඊඊ..........උබ එක්ක බෑ...මගුල... හරි හරි ඔන්න මන් ගත්තා. සතුටුද දැන් තොට.. "

" නෑ.. යමන් තව අපිට ඇදුම් ගන්න තියෙනවා. "

" තව........"

" ඇයි තෝ විතරද අදින්නේ හිපාටුවෝ.. මන් අදින්නේ නැද්ද ?? "

" අහ් ඔව්නේ.. යමන් යමන්......"

පැය දෙකකින් පස්සේ ශොපින් මෝල් එකෙන් එලියට ආවේ ගෙදරට ඕනි බඩු ගන්න ඕනි නිසා.

" ටේටෝ තව මොනාද ගන්න තියෙන්නෙ ."

" ඇයි සෝෆා සෙට් එකක් බලන්න තියෙනවා. ගාර්ඩන් එකට ඕනි මල් , ගස් වර්ග ටික. තව කොච්චර දේවල් තියේද?? "

" අනේ හෙට එමුකෝ ටේටෝ.. මගේ කකුල් දෙක ගෙවිලා.."

" බෑ. තාම දෙකයි වේලාව යමන්. අනික කාර් එක එලවලද උබට මහන්සි"

" ඒකත් මහන්සි තමා බොල. ඇයි යකෝ.. වාහනේ පාරේ ගියාට ශොප් ඇතුලට යන්නෙත් කාර් එකේන්ද?? අනික තොගෙ කකුල් දෙකට රෝද හයි කරලද ??"

" ඔව් මගේ කකුල් වලට රෝද හයි කරලා. දැන් යමු.."

" බෑ බන්...."

" එහෙනම් මන් බැහැලා යන්නද??"

" හරි හරි යමන්.. අම්මපා මේවා පුරුවේ කරපු මොකක් හරි දේව සාපයක් මේ.. "

" කරන්න දෙයක් නෑ ජිජී. දැන් යමු.."

" දැන් කොහෙටද??"

" ම්ම්ම්ම්ම්ම්ම්ම්...සෝෆා සෙට් බලන්නයි ලී බඩු සෙට් බලන්නයි යමු.....ඉතුරු ටික එතනින් එලියට ආවම..."

 BIRTHDAY FANFICTION 💜️💜️Where stories live. Discover now