1 වන පරිච්ඡේදය

33 5 0
                                    

යුන්මං හී ශතපත්‍ර මන්දිරයේ එකම කාල ගෝට්ටියකි. එ් එහි දරැවන් තිදෙනා තම ඉගැනුම් කටයුතු සිදු කිරීම සදහා ගුසු ලාන් නිකායට යන බැවිනි.

ජියැං චං....ඔබ මගේ මත් පැන් බදුන දුටුවාද ?

වෙයි වූශියෑන්...තමුන් නම් හැදෙන්නේ නැහැ.මෙච්චර වැදගත් ගමනකට ලෑස්ති වෙලත් ඔබ මත් පැන් බදුනක් සොයනවද ?

ජියැං චං වෙයි වූශියෑන්ට බැන වැදුනි.

හා..හා...ඔබේ කියවල්ල නවත්තන්න..දැන් අප පිටත් විය යුතුයි.

වෙයි වූශියෑන් සේවකයෙක් අත තිබූ ඔහුගේ සුයිබියන් අසිපත රැගෙන ජියැං චං ට අයත් සදු කඩුව ද ඔහු වෙත දික් කරන ලදි.

ජියැං චං සහ වෙයි වූශියෑන් අතර මත ගැටුම් නම් අපමණය.එහෙත් ඊටත් වඩා දහස් ගුණයක් ඔවුනොවුන්ගේ සිතෙහි සහෝදර ප්‍රේමය වැඩිය.ලේ බැදීමකට උරැමකම් නොකීවත් දන්නා කාලයේ සිටම ඔහුගේ සහෝදරයාත් සහෝදරියත් වූයේ ජියැං නිකාය නායකයාගේ දියණිය ජියැං යැන්ලි සහ පුත්‍රයා ජියැං චං ය.එසේම නිකාය නායක ජියැං ෆැන්ග්මියන් වෙයි වූශියෑන්ටද සැලකුවේ තම පුත්‍රයා ලෙසටය.විටෙක ඔහු වූශියෑන් ගේ පියත් , මාමණ්ඩියත් , ගුරැවරයාත් යන සෑම චරිතයක්ම පිළිබිඹු කලේය.

සහෝදරී....මොහු මට පහර දෙනවා......

ජියැං චං ගෙන් බේරී අා වූශියෑන් ජියැං යැන්ලි පසුපස සැගවුණි.

ඔහ් හෝ..කවුද මගේ අ-ශියෑන් ට කරදර කරන්නේ...
මොහුද මේ අ-චං ද ?

සහෝදරී..............

එවිටම ජියැංචං ද හඩ නැගීය. යැන්ලි පසුපස සැගවගත් වූශියෑන් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ජියැං චං හට තව තවත් ඔච්චම් කරන්නට විය.

ඔවුන් තිදෙනාගේ හුරතල් දග වැඩ බලාසිටි ජියැං ෆැන්ග්මියන් ගේත් යූ අාර්යාවගේත් සිත සතුටින් පිරී තිබුණි.ගුසු අධ්‍යාපනය නිම කල පසු ඔවුන් තිදෙනා එක්වී ජියැං නිකාය භාරගෙන ඉදිරියට පවත්වාගෙන යාම ඔවුන්ගේ විශාලම බලාපොරොත්තුව විය.කෙළි ලොල් වයසේ පසූවූවත් ධ්‍යානවේදී ලොව ඉතා කීර්තිමත් නමක් දරා සිටි ජියැංචං සහ වෙයි වූශියෑන් ධ්‍යානවේදී නාම ලැයිස්තුවේ හතරවන හා පස් වන ස්ථානය හෙබවූවේය.එහි ප්‍රථම ස්ථානය සෙව් සාමිවරයාත් දෙවන ස්ථානය ලන් නිකායේ දෙවන දරැවාත් තෙවන ස්ථානය ජින් නිකාය නායක ජින් සිශුවැනුත් හිමි කරගෙන සිටින්නට විය.එසේම ජින් සිශුවැන් ගේ විශේෂත්වය වූයේ අඩුවයසකදී නිකාය නායක තනතුරක් හොබවන එකම පුද්ගලයාද ඔහු වීමයි. නමුත් ඔහු කිසිවිටෙක එ් පිලිබදව අන්යන් ඉදිරියේ අාඩම්බර නොවූවාය.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 16, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

නොමියෙන සෙනෙහස(slow updates)Where stories live. Discover now