හතරවැනි කොටස

158 56 0
                                    

මිසාකා මාලිගයබලා නැවත ගමන් ආරම්භකිරීමට පෙර යුකීවෙනුවෙන් 'මංගල ත්‍යාගයක්' මිලදීගැනීමට ටකේෂි අමතක නොකළේ තමාගේ සිතගත් මිත්‍රයට සුදුසු ත්‍යාගයක්ගැනීමට හරිහමන් සාප්පුවක් සහිත වෙලදපලක් නැවත හමුවීමටනම් මිසාකා නුවරතෙක්ම ගමන්කලයුතු වූ නිසාය.

ඇරත්, ඒවනවිට තමාගේ සෞඛ්‍ය තත්වය කෙසේවනු ඇද්දැයි ටකේෂිගේ සිතේවූයේ දෙගිඩියාව යටපත්කරගෙන, ඔහු මිලදීගත්තේ ජේඩ්මිටක් සහිත කුඩාකිරිච්චියකි.

මහෝගනී දැවයෙන් නිමවා කළුපැහැති තීන්තෙන් ආලේපකළ කුඩා පෙට්ටියක්තුළ රතුසේද රෙදිවල තැන්පත්කල කිරිච්චියදෙස බලාගෙන ටකේෂි කල්පනාකලේ, සමහරවිට යෝජනා උත්සවයේදී තමාවදැකීමෙන් කෝපයටපත්වන යුකී තෑගිදුන් කිරිච්චියෙන්ම ඔහුගේ පපුවට ඇනුම්පහරක් එල්ලකරාවිද යන්නයි. එසේ කළහොතින් රෝගයෙන් හුස්මහිරවීමක් නොමැතිවම මියයාමට හැකිවේවිදැයි ටකේෂි නළල රැළිකරගෙන කල්පනා කළේය.

මල් පිපීමෙන් හුස්ම හිරවෙනවාටවඩා අඩුවේදනාවකින් මරණෙට පත්කිරීමට පිහිපහරකට හැකිදැයි සිතාබලනා අතරේ, තෑගි පෙට්ටියේ පියනවැසූ ටකේෂි දෙතොල් තදකරගෙන කැස්ස නවතා ගැනීමට උත්සහ කළේය.

පෙනහළුවල වැඩීඇති කන්සකුරා පැලය හේතුවෙන් දැන් බොහෝ මල් පොහොට්ටු කැස්සත් සමගින් පිටවේ. ලාදම් සහ රෝසපැහැයෙන්යුතු පොහොටමත උගුරෙන් ගැවිගෙනඑන කෙළද... ලේද... ස්වල්ප වශයෙන් තැවරීඇත. නොරිකෝ වෙද අම්මාදුන් ජින්සෙන් කල්කය උණුවතුරෙන් දියකොට පානයකිරීමෙන් වේදනාව තරමක්දුරට සමනයවනබවක් ටකේෂිට දැනුන නමුත් ඒ සුළු වෙලාවකට පමණි.

සියල්ලටමවඩා ටකේෂිට අපහසුවුයේ රෝගීතත්වය මිචිකෝ අක්කාගෙන් වසන්කිරීමට ය.

කන්සකුරා පොහොට්ටුව අත්ලමත එහාටත් මෙහාටත් පෙරලමින් ටකේෂි සිතාබැලුවේ මුළු සිදුවිමේම පවතින අමුතු ස්වභාවයගැනයි.

යුකීගැන නොදන්නා කෙනෙකු මතුපිටින්බලා ආදිපාදතුමාගේ බාල සහෝදරයා ඔහු උපන් සීත කාලය මෙන්ම සීතල සිතක් සහ තදගතිඅත්තෙකැයි නිශ්චයකලද යුකීගේ ඇති අව්‍යාජ කරුණාව සහ හිතවත්භාවය දන්නේ ඔහුගේ සමීපතමයන් පමණි. ටකේෂිවෙත අවසන් දිනකිහිපයේදී යුකී දැක්වූ හැසිරීමනිසා බොහෝ දෙනෙක් පුදුමවුයේද ඒ නිසාය.

කන්සකුරා කතන්දරේOn viuen les histories. Descobreix ara