Our Journey 🔐❤️ - 𝙲𝙷𝙰𝙿𝚃𝙴𝚁 𝟶𝟽

530 124 4
                                    

Our Journey 🔐❤️

❤️🔐.. I Want To Wrap
My Arms Around You
And
Hold You 'till
The Dawn Breaks .. 🔐❤️

[07]

____________🍓❄️____________

🍓 [XIAO ZHAN]

"..අහ් මේ බක පණ්ඩිත සීතල ඌරා.. ආවදෙන්කෝ අද එළියට.."

තවමත් තමන් ඉන්නේ ටවල් එකෙන් කියලා අමතක වෙලා Xiao Zhan හිතුවේ අත් දෙකත් මිටමොලවගෙන බාත්රූම් එකේ දොර ලගින් එහෙට මෙහෙට ඇවිදින ගමන්. කොල්ලගේ ඇදුම් ටික ඔක්කොම YiBo ගේ ඇද උඩට දාලා තිබ්බේ කලින් පාර දොරට ගහන්න උවමනාවට විසික් කරපු පාර.

ටික වෙලාවකින් බාත්රූම් එකේ දොර ඇරුණේ Xiao Zhan ගේ කන් දෙක, නහය, බෙල්ල, කම්මුල් සේරම තද රතු පාට වෙලා ඇස් දෙක නලලට ගිහින් කට ඇරෙනකොට.

කොල්ලගේ ඉස්සරහා ඉන්නේ YiBo ද කියලා කොල්ලට ෂුවර් නැතිවුණේ Xiao Zhan දෙපාරක් ඇස් පිල්ලම් ගහලා ආයේ බලද්දි.

සුදු පාට ටවල් එක හිප් එක⁣ට ඇදලා තවමත් වතුර බේරේන තද දුඹුරු පාට කොණ්ඩේ තව ටවල් එකකින් පිහිදන ගමන් ඉන්න අයිස් ප්‍රින්ස් දිහා Xiao Zhan බලන් හිටියේ කටත් ඇරගෙන. Xiao Zhan ගේ ඇස් දෙක ගියේ YiBo නිරුවත් පපුවට.

"..ක්හ්ම්ම්.."

Xiao Zhan උඩ ගියේ කන ලගින්ම ඇහුණ සද්දෙට.

YiBo ගේ කට කොනකට පෙනී නොපෙනි යන විදිහට ආව හිනාව Xiao Zhan දැක්කම කොල්ලා තව ටිකක් රතු වුනේ බලාගෙන ඉද්දි.

"..ඩිනර් ගන්නේ ඔහොමද..?"

YiBo ඇහුවේ ගානක්වත් නැතුව ක්ලෝස්ට් එක ලගට යන ගමන්.

"..න්...න්..නෝ.."

Xiao Zhan උත්තර දුන්නේ තමන්ගේ ගේ ඇස් දෙක YiBo ගේ සික්ස් පැක්ස් වලින් අමාරුවෙන් අයින් කර ගන්න ගමන්. ඒ කියලත් කොල්ලා බලන් හිටියේ ක්ලෝස්ට් එක ලගට ගිහින් බාස්කට් බෝල් ශෝට් එකක් අරන් අදින YiBo දිහා.

ඒත් එක්කම ඇහුණේ දොරට තට්ටු කරන සද්දේ. තමන් ඉන්නේ ටවල් එකෙන් කියලා අමතක වෙලා Xiao Zhan දොර පැත්තට යන්න හැරෙනවත් එක්කම YiBo කොල්ලව පහු කරන් ගියේ දොර අරින්න.

Xiao Zhan ව පහු කරන් දොර ලග⁣ට ගිය YiBo දොර බාගෙට ඇරලා කවුද කියලා බලලා හැන්ඩ්ල් එකට අත තියාගෙන ආපහු හැරුණේ Xiao Zhan ගේ පැත්තට. දොර ලඟට යන්න ගත්ත අඩිය එහෙම්ම තියාගෙන Xiao Zhan බලන් හිටියේ රවාගෙන තමන් දිහා බලන් ඉන්න YiBo දිහා.

Our Journey 🔐❤️Where stories live. Discover now