🌸LONELINESS🌸

235 56 59
                                    

මායි... ඔන්න රිසල්ට් නෝටිස් බෝඩ් එකට දාලාලු. කට්ටියම එන්න.

පන්තියෙ ලමයි සේරම නැගිටලා දිව්වෙ තමන්ගෙ ප්‍රතිඵලය බලන්න. මාත් ආසයි ඒ අය එක්කම ගිහින් ඒ නෝටිස් එක බලන්න. මාත් ආසයි මගේ ප්‍රතිඵලේ ලමයි එක්ක කතා කරන්න. ඒක දැක්කම උඩ පැනලා සතුට සමරන්න. ඒත් පංතියෙ කෙලවරේම ජනේලෙ ලග හිටපු මං තනිවුණේ හැමදාම හිතට දැනෙන හැගීම මුලු හිතම පුරවද්දි. වයස දහ අටක් වුණ මට දැන් තනිකම කියන දේ හුරු පුරුදුයි. මට හොදටම විශ්වාසයි මං තමයි මේ පාරත් පන්තියෙ පලවෙනියා කියලා. ඒත් එක්කම හිතට බයක් දැනුනෙ අදත් හැමදාම වගේ එයා මට කරදර කරයිද කියලා.

හ්ම්.. ටේයොන්ග් අදවත් බේරිලා යන්න බලන්න.

මං මගේ හිතටම කියාගත්තෙ මගේ ඩයරි එකයි පොත් ටිකයි බෑග් එකට දාගන්න ගමන්. ගලවලා තිබුණු කන්නාඩි දෙක ආපහු දාගෙන පුටුවෙන් නැගිට්ටෙ ලමයි පන්තියට එන්න කලින් එලියට යන්න. ඒත් එක්කම වගේ පන්තියට ආපු තුන් දෙනා දැක්කම මගේ පපුව ගැහෙන්න ගත්තා. බෙල්ල පැත්තකට නැවෙන්න පටන් ගද්දි අත මිටි මොලවගෙන වෙව්ලන්න ගත්තෙ බයට. ඔව්.. මං දුර්වලයෙක්. ලමයි මට කැමති නැත්තෙ මං සතුටු වුණාම දුක් වුණාම බය වුණාම බෙල්ල පැත්තකට නමන්න පටන් ගන්න නිසා. ඒක වෙන්නෙ ඇයිද කියන්න මං දන්නෙ නෑ. මාව හැමතැනින්ම කොන් වුණේ ඒ ලෙඩේ නිසා.

ඕහ්... මෙන්න මේ පාරත් පලවෙනියා වුණ බෙල්ල ඇද එකා වෙව්ලනවා.

කොල්ලො තුන් දෙනෙක් මගේ ලගට එන ගමන් කියවන් යද්දි මං බය වුණා. මැද හිටපු පිරිමි ලමයා මගේ ඉස්සරහින් හිටගද්දි මං මගේ අතෙන් මූණ වහගත්තා.

තමුසෙ නිසා මේ පාරත් මං දෙවෙනියා වුණා. මං තමුසෙට එදාම කිව්වා තමුසෙට එක්සෑම් ලියන්න බෑ කියලා. ඇයි තමුසෙ ලිව්වෙ.

ජ්.. ජ්ජ්ජේ... මං..

මගේ කටහඩ වෙව්ලුවා. ජේ කියන පිරිමි ලමයා මගේ කොලර් එකෙන් අල්ලගද්දි මං පස්සට ගියා.

තමුසෙට මං ගහපුවා අමතකද? මේ බලපන් මුගේ බෝතල් අඩි කණ්ණාඩි දෙක. මේක ගැලව්වා නම් හරි. කෝ බලමු..

𝙻𝚘𝚗𝚎𝚕𝚒𝚗𝚎𝚜𝚜 | 𝙺𝚃𝙷 ✔️Unde poveștirile trăiesc. Descoperă acum