MAFIA'S INNOCENT DOLL❤️

1.7K 226 685
                                    

Sri lanka,

" චමී.... "

" ඇයි   ... "

" මට ප්‍රශ්නයක් තියේ "

" අප්පටසිරි ..ඒ මොකක්ද ඕෂියෝ "

" උබට හිතෙන්නෙ නැද්ද අපි මේ කරන්නෙ වැරැද්දක් කියලා  "

" හෑ... "

" මන් කියන්නේ අපි මේ අච්චු පොත් ගෙදර අරන් ගිහින් කරන්නෙ වැරැද්දක්..රාජ්‍ය දේපල ලග තමා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක්... "

" ..................... "

ඕෂිගේ ප්‍රශ්නය හමුවේ චමී නිරුත්තර වෙලා කෙල්ල බලාගත්තු අත බලාගෙන ඉදියෙ එයාගෙ බෙස්ටිගෙ මොලේ ගැන වර්ණනා කරන ගමන්...

Some where ,

බොස් අපිට තව කෙල්ලෙක් ඕනී...නැත්තං දන්නවනේ අර කොරියන්කාරයගෙ හැටි

ෂික්..කොහෙන් හරි හොයපන්..ඉක්මනට පාරෙ හරි බලන් යනවා..බෝනික්කියෙක් වගේ කෙල්ලෙක් හිටියොත් උස්සපන්...ඒත් අනිවාර්යයෙන් අවුරුදු පහලවට වැඩි වෙන්න ඕනි...

හරි බොස්

ලංකාවෙ තරුණ ගෑනු ලමයි පිටරට වලට පටවලා සල්ලි හම්බකරන ජරා මිනිහෙක් තමා ඒ..උගෙ ගෝලයො කලු සුඛෝපභෝගි වෑන් එකකින් පාර දෙපැත්ත බලාගෙන ගියා...ඒත් දෛවයේ වාසනාවකට හෝ අවාසනාවකට...චමී වගේම ඕෂිත් බස් එකක් එනකන් පාර බලන් උන්නේ..ඒත් එක්ක අර මිනිස්සු ටික නැවතිලා

ඒ අර බලපන්..බලහන්කෝ ඇත්තටම බෝනික්කියක් වගේ..ඒකිව විකුණුවොත් සල්ලි නාත හැකි

යමන්..යමන් ගානට වැඩේ දෙන්න ඕනේ...අර අනිත් ඒකිට කෑගහන්න ඉඩදෙන්න එපා...ක්ලෝරොෆෝම් ටික ගනින්..

එතන මිනිස්සු පස් දෙනෙක් කලු ඇදගෙන වෑන් එක ගිහින් නැවැත්තුවෙ චමීගෙ ඉස්සරහ...ඒත් එක්කම චමීගෙ අතින් ඇල්ලුව මිනිහා කෙල්ලට කෑගහන්නවත් නොදී ලේන්සුව නහයට තද කලේ කෙල්ල කලන්තෙ දාද්දී...ඕෂි  ශොක් වෙලා හිටියෙ උනු දේ හිතාගන්න බැරි ව..කෙල්ලගෙ කකුල් පන නැති වෙලා..උගුරකටත් වේලිලා....ඒත් එක්කම අර මිනිස්සු චමීව වෑන් එකට දාගෙන ගියේ ඕෂි ගොලුවෙලා වගේ බලන් ඉද්දී....

<< Mafia's innocent doll >>k.th✅Where stories live. Discover now