🐺⚜️Chapter 06⚜️🐺

703 161 90
                                    

"දැන්වත් මට ඔයාව දෙනවද.?? ම්ම්?"

ටේහ්‍යුන් ටේශිගෙ මූනට බරවෙලා අහද්දි ටේශි කකුලෙන් චුට්ටක් ඉස්සිලා ටේහ්‍යුන්ගෙ නලලට පුන්චි හාදුවක් දුන්නා.

"කවුද එපා කිවුවෙ...මම කොහොමත් ඔයාගෙනෙ මගෙ හුරතල් වෘක පැටියො"

ටේශි හිනාවෙවි කියද්දි ටේහ්‍යුන් ටේශිගෙ තොල් දිහයි ඇස් දිහයි මාරුවෙන් මාරුවට බැලුවෙ මම ඒ රස බලන්නද කියලා අහන්න වගෙ..ටේශිත් ඇස් දෙක වහගනිද්දි ටේශිගෙ බද වටෙ අත යවපු ටේහ්‍යුන් ටේශිව ලගට අරගෙන එ තොල් වලට නැඹුරු වුනා..

______________________________________













"ඇල්ෆා , ඇල්ෆා.....යාහ්හ්හ් මෝඩ ටේහ්‍යුන් මාව අතාරිනවා..සිකේයියා...මෙ මොන මල විකාරයක් ද??"

ජිමින් ටේහ්‍යුන්ව තල්ලු කරන ගමන් කියද්දි ටේහ්‍යුන් සැනින් ඇස් ඇරලා බැලුවා..ඇග උඩ ඉන්න ජිමින්ව පයින්ගහලා තල්ලු කරපු ටේහ්‍යුන් ඇසුත් කස කස සෝෆා එකේ ඉදගත්තෙ දාහට අරන් සීයට දීලා වගෙ මූඩ් එකකින්.

"අම්මොහ් ඇල්ෆා..මගෙ පස්ස, කවදාකරපු පව්ද දෙයියනේ මෙ.කිස් කරන්න ආවා මදිවට තල්ලු කරලා මගෙ පස්සත් චප්ප කරා"

බිමට වැටුන ජිමින් පස්ස අතගගා කියද්දි ටේහ්‍යුන් ඇසුත් කරකව කරකව ජිමින් දිහා බැලුවා..

"යහ් තමුසෙ මොකක්ද මෙතන කරන්නෙ?,මොකක්ද මෙතන වුනෙ?"

"මගෙන් අහන්නෙ මොකක්ද වුනෙ කියලා, අනෙ අම්මපා මූ වගෙ එකෙක් තව ටිකෙන් මගෙ පලවෙනි කිස් එකත් තමුසෙ ගන්නවා."

"මොකක්"

ජිමින් ඔහේ කියලා දාද්දි ටේහ්‍යුන් නැගිටලා සෝෆා එකේ උඩට නැග්ගා ..

"ඔව් තමුසෙ මගෙ ඇල්ෆා නොවුනානම් තෙල් දාලා බැදලා කනවා.."

"මොකක්ද කියවන්නෙ.ජිමිනා මොන එහෙකටද තමුසෙ මගෙ කැබින් එකට ආවෙ මොකක්ද වුනෙ කියලා හරියට කියනවකො"

ටේහ්‍යුන් සෝෆා එකේ නැගගෙන බෙරිහන් දෙනවා..ජිමින් එහෙට යනවා මෙහෙට යනවා..

"මම ආවෙද??"

ජිමින් ඇගිලිත් අඹරනවා එයත් ඇඹරෙනවා.ඒ අස්සෙ ටේහ්‍යුන් හිතින් අහස පොලව ගැටගහන්න හිතනවා..

🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || ✔ Where stories live. Discover now