පෙරවදන

542 63 4
                                    

රිදුම් දෙන හදවත තුරුළු කර නිදමි

ස්වප්නයක දැවටෙමින් ඔබේ රුව විඳිමි

සුන්දරම මතකෙක රිදෙන තැන් සිඹිමි

ඔබේ සුසුමක් ළඟදි මදක් පසු බසිමි

මාත්‍රා අහිමි වුව පෙම් ගීය ලියමි

සීතලම මැදියමක මදක් නිදි වරමි

රජ ඔටුනු පසෙක ලා නෙත් කවුළු වසමි

කඳුලකට දෙකම්මුල් සිඹින්නට හරිමි

රක්ත සේලය ඇඟිලි තුඩින් පිරිමදිමි

ඔබේ සුවඳ හමන විට මදක් ඉවකරමි

රෝස තොල් උමතු වූ අයුරු සිහි කරමි

ඔබේ හැඟුම් ගලා ගිය අයුරු මම මවමි

දුක්බරම මතක ළඟ මදක් හති හරිමි

රිදෙන හදවත මමම අතින් පිරි මදිමි

හැඟුම් පොදි තුරුළු කර පරිස්සම් කරමි

ඔබ එන තුරා තවම ඉතින් මඟ බලමි............


# ජන්කුක්

IT IS IT ( Completed )Where stories live. Discover now