Part 12

377 92 31
                                    

"සලා.....ං"

"යා!!!! ආයෙ බින්දා නේද!!... ආයිශ්!!... මං  අලුතෙන් ගෙනාපු ටී පොට් එක අර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්!!!!.... කිම් ජීහා!!!..... පැත්තකට වෙනවා තුවාල කරගන්නැතුව!!!! අයියා වගේමයි නන්ගිත්!!.... clumsy as fuck!"

"ම....ම...මට කෑ ගහන්නෙප්....පා ඉතින්.... මං නෙවෙයි ඒක කරේ!!"

කිචන් එක පැත්තෙන් ඇහුනු වීදුරු බිඳෙන සද්දෙ නිසා මං කර කර හිටපු වැඩෙත් පැත්තකට දාලා කිචන් එක දිහාට දිව්වෙ මුලු ගෙදරටම ඇහෙන්න කෑ ගහන ගමන්..... ඔයි අද දවසට ජීහාගෙ අතින් බිඳුනු 4 වෙනි පොට් එක...... මං කෑගගහම ඒ පැත්තට යද්දි ජීහා ඇස්වල කඳුලු පුරවන් තොලත් පිටට පෙරලන් මං දිහා බලන් හිටියෙ ඔරවගෙන.....එක පාරටම මහඅඬන්න ගත්තෙ මාව තව කලබල කරලා.... මොකද අඬන්න ගත්තොත් නවත්තන්න බැරි බව මං කොහොමත් දන්න නිසා......

Screw these pregnancy hormones..... seokjin you fucked up as heck!!!!

"අනේ බබා... අහන්නකෝ..... අයිගෝ... මෙහෙම අඬන්න හොඳ නෑනෙ..... අයිගෝ..... අයිගෝ........ ජීජී බබා.......... ජිජී.... අනේ...... සොරී.... සොරී.... අනේ සමාව දෙන්නකෝ ඉතින්... නෑ නෑ.... ඊට කලින් අඬන එක නවත්තන්නකෝ...... "

මං කොච්චර පහලට නැවිල නැවිල සමාවගත්තත් ඒකෙන් උනේ අඬන එක වැඩි උන එක මිසක් අඩු උන එක නෙවෙයි....... නහයත් උඩට ඇද ඇද අතක් ඉනට තියන් අනිත් අත ඒ එලියට නෙරල ඇවිත් තිබ්බ බඩටත් තියන් ජීහා මට ඔරව ඔරව නහය උඩට ඇද ඇද කට යටින් මොනාදෝ මතුරනවා.......

"අනී.... මං ඔයාට සමාවදෙන්නෑ ජිනී!!... ඔයාට මට වඩා වටින්නෙ ඒ ඇන්ටික් ටී පොට් එකනෙ... යනවා යන්න.... අදල් බලන්න ඔයාගෙ අප්පා....... එයාට ඔයාට වඩා වටින්නෙ අර ටී පොට් එක.... දුශ්ටයා..... මං යනව යන්න..... ගිහින් ගන්නෙකයි ඇත්තෙ ඒ මහ ලොකු ටී පොට් එක වගේ තව එකක්...."

මගෙ අතත් ගසලා දාලා මටත් ගස්සලා කොන්දත් අල්ලං හෙමින් හෙමින් අඩිය තියලා පඩි පෙල නගින්න ගත්තෙ මං එතන බිත්තියට හේත්තු වෙලා හිනා වෙවී ගොනෙක් වගේ අමාරුවෙන් උඩට නගින ජීහා දිහා බලන් ඉද්දි..... මං දන්නව කොහොමත් තව විනාඩි පහකින් හයකින් ජිනී ගාලා උගුර කඩාගෙන කෑ ගහනව කියලා.......

Shatter Me | KSJ [Completed]Where stories live. Discover now