Part 11

185 45 32
                                    


A/N pov

"මීළඟට වේදිකාවට එන්නේ බොහෝ තරුණ තරුණියන් ගේ සිත් හොරාගත් ඒ ගායනා ශිල්පියා J"

නිවේදකයා ඊලඟ performance එක කරන්නේ J කියලා කිව්වා විතරයි මුළු ප්‍රේක්ෂකාගාරය ම කෑගහුවා.

මේ දවස් වල ගොඩක් අය J ට පුදුම විදිහට වහ වැටිලා ඉන්නේ.

ඒකට හේතුවක් කියන්න බෑ හරියටම. මොකද J කියන කෙනාගේ මුණ දකින්න කිසිම රසිකයෙක්ට හැකියාවක් නෑ.

J හැමවෙලේම හිටියෙ මුණ mask එකකින් ආවරණය කරගෙන.

ඉතින් රසිකයෝ හැමෝම එයාගේ පෙනුමට වඩා හැකියාවට ආදරය කලා.

විශේෂයෙන්ම ඔහුගේ කටහඬ ට.








Hwani pov

අද උදේ ඉඳන් අලුත් case එකක වැඩ කරන්න බාරදුන්නා ලොක්කා. මන් පොඩ්ඩක් පිස්සු නැටුවට මන් කලින් බාරදිපු වැඩේ හොඳට ම කලා කියලා තමා ලොක්කා කිව්වේ.

ඒත් ඇත්තටම ලොක්කා දැනගත්තා මගේ තාත්තා ගැන. මන් තාත්තා ගැන විස්තර කාටවත් කිව්වේ නැත්තෙත් මේ නිසාමයි.

මොකද වෙනස් විදිහට මට සලකනවට මන් අකමැති නිසා.

ඒ වගේම  අලුත් case එක භාරදුන්නේ මටයි ජැක්සන් කියන ඔෆිසර් ටයි.

ජැක්සන් තරුණ කෙනෙක් නිසා මේ වැඩේ කරගෙන යන්න ලේසි වෙයි කියලා මට හිතෙනවා.

පරණ විදිහට හිතන මිනිස්සු එක්ක අලුත් විදිහට හිතන අපරාධකාරයෝ අල්ලන්න බෑ.

පොලීසි update වෙලා නෑ කාලෙත් එක්ක. එහෙම උනානම් ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබ්බා.

මන් මුළු දවසම ජැක්සන් එක්ක තමයි හිටියෙ. මගේ phone එක off වෙලා කියලා තේරුනේ නෑ මට. මොකද පොලිසියේ දේවල් වලට මන් වෙනම phone එකක් පාවිච්චි කරන නිසා.

ජැක්සන් එක්ක මුළු දවසම එක එක තැන් වලට යන්න සිද්ධ උනා.

අපරාධයක් උනාම සිද්දිය වෙච්ච තැනට වගේම සිද්ධියට අයගෙන් ප්‍රශ්න කරන්න වගේ දේවල් වලට මුළු දවසම ගෙවුනා.

මොනදේ උනත් රෑට තියන J ගෙ performance එක බලන්න යන්න වෙලාව හදාගත්තා.

TrappedOnde as histórias ganham vida. Descobre agora