ඔබම අවැසි මොහොතක මා තනිවී

148 27 6
                                    

🌹🌷🌸🌺 කෙටි කතාවක් 🌺🌸🌷🌹

💛❤️නුඹම_අවැසි_මොහොතක_මා_තනිවී💛❤️  

නොසිතූ ලෙස හමුවී පෙමින් බැඳී හුන් , පෙමින් වෙළී සිටින පෙම්වතුන් පෙම්වතියන් කොතරම් සිටිනවාද??
ඔහුගේත් මගේත් හමුවීම එවැනිම අහඹුවක්.

උදාහිරු බැසයන්න පොරබඳින අවරගිර මුහුදුතීරයේ එක් කෙළවරක ඈත ක්ෂිතිජය දෙස බලා හුන් මා එක් වරම දුටුවේ පුංචි පුතෙක් බෝලයක් අහුල ගන්න මුහුද දෙසට දිවයන ආකාරය. එක්වරම පුතු දෙසට ආ දිය රැල්ලට බිමට ඇද වැටී ඒ සමඟම ආ අනෙක් රැල්ලට පුතු මුහුද දෙසට ඇදීයන්නට යනවා මෙන් දුටු මා හීයක වේගෙන් එදෙසට දුවන් ගියා.

නිවාඩු දිනයක් නොවුනු නිසා වෙරළ තීරයේ වැඩි පිරිසක්ද නොවුණි. හිටි සුළු පිරිසත් ඔවුනොවුන්ගේ ලෝකවල නිමග්නවයි උන්නේ..

පුතුගේ එක් අතකින් මං අල්ලනවාත් සමඟම තවකෙක් පැමිණ පුතුව අල්ලා ගත්තා...අවස්තාවේ හැටියට එක්වරම පුතු රැල්ලෙන් ඉවතට ගත් මා පුතු අල්ලා ගත් ඔහු දෙස බැලුවා. ඒ එක්කම ඔහු,

" අම්ම කෙනෙක් උනාම ඔහොමද ළමයි බලා ගන්නේ....?? දැක්කනෙ වෙච්ච දේ.තව ඩිංගක් එහෙ මෙහෙ උනා නම් දරුවට මොනා වෙයිද දන් නෑ..මං බලාන උන්නේ... තමුන් හිටියෙ මේ ලෝකේ නෙවේ... දරුවෙක් බලාගද්දි ඔහොම නොසැලකිලිමත් වෙන්න අම්ම කෙනෙක්ට පුළුවන්ද??"

ඔව් ඔව්... ඔයාලා හිතුවා හරි. එයා මට හොදටම බනිනවා.... එයාගෙ බැනිල්ල පටන් ගද්දිම දරුවාගෙ අම්ම කියල හිතන්න පුළුවන් මට වඩා වැඩිමල් පෙනුමක් තිබුණු අක්කා කෙනෙක් ආවා.අරයා බැනලා ඉවර උනාම ඒ අක්කා....

" අනේ සොරි මල්ලී.. මේ නංගිට බනින්න එපා. මමයි මෙයාගෙ අම්මා..මං අනික් බබාට කෑම කව කවා හිටියා. ඒකයි මෙයාව මිස් උනේ..දරුවා බේර ගත්තාට ඔයාල දෙන්නටම ගොඩක් ස්තූතියි."

එහෙම කියලා ඒ අක්කා බබාවත් අරන් යන්න ගියා.. මන් බැනුම් අහන්න කලින් එයාට තිබ්බා මේ නපුරු කොල්ලට ඇත්ත කියන්න. අපරාදෙ මං බොරුවට බැනුම් ඇහුවා..

අනේ මගේ අතිජාත මිතුරිත් නෑ මාව මේවගෙන් බේර ගන්න... මූඩ් හොද වෙන්න කියල මාව එක්කන් ආවට එද්දිම මට හිතුණා... මඟදි වෙන්ඩ හස්බන්ඩාවත් මෙයා ගමනට එකතුකර ගත්තනෙ.. මාව මතක තියෙයිද ඉතිං???

ඔබම අවැසි මොහොතක මා තනි වී (oneshot)Wo Geschichten leben. Entdecke jetzt