'ඈ'

358 55 91
                                    

--------------------------------------------------

HIGHLY REQUEST TO READ IT SLOW

------------------------------------------------

***

ගෝකණ්ණතිත්ථ වෙරළ තීරයේ සිට..

මුළු පරිසරයම අරුමැසියෙන් වගේ ගුම් නඟනවා. පොඩ්ඩක් ඇවිදින්න ගියා මාත් වෙරළ දිගේ මේ මොකද වෙන්නේ කියලා බලන්න.

පුන් සඳ එළිය වැහි වැහැලා මුලු මුහුදම එකපාර තුරුළු කරගෙන.. මට නන් පේන්නේ මහ මුහුදත් හරි හරියට එයාගේ සඳවතිය සිපගන්න ඉහළට ඇදෙනවා වගේ.. ඔන්න ඉතින් මගේ වට කෙස් ඇතුල හිස් තියෙන මොළේ කොනක තිබ්බ සින්දු පොතක් ඩෝන් ගාලා එලියට පැන්නා..

" සඳවතියේ නුඹ මගේම යැයි කියා හිස් අහස බලා උන්නා.. "

කිව්වත් වගේ ඉතින් මුහුදත් උඩ පැන පැන හඳ අල්ලන්නමයි ට්‍රයි එක..

පොඩ්ඩක් ඉන්න..

කුමුදු මලක් හීන් හඬින් හිනාවෙනවා.. සමහරවිට එයාටත් හඳේ ලස්සන දැනෙන්න ඇති. ඒත් එයාගේ ඇස් දෙක නන් වෙන කොහෙද..

මගේ ඇසුත් ශේප් එකේ ඒ පැත්තට හැරුණා. මොනාවුනත් ඉතින් ඕපදූපයක් නන් ස්ත්‍රී ජාතිය පෙරමුණේ නේ.

අහ්! අදහගන්නත් බෑ.. මන් මාව පොඩ්ඩක් කොනිත්ත ගත්තේ මේ දකින්නේ හීනයක්ද කියලා බලන්න.. ' ඈ ' ඇත්තටම එතන ඉන්නවද?? ඔන්න ඉතින් මගේ චිත්ත සන්තානෙද කවි හිතද කියන මොකද්ද එක නළියනවා..

"නාමල් මිටක් සුදු දෝතින් අරන් පුන්සඳ රැයේ ඇය ඇයිදැයි මෙසේ? "

ආ කියන්න බැරි වුනානේ.. ප්ෘථිවියේ කාන්දම උතුර දකුණ පැත්තට තිබ්බට මිනිහගේ කාන්දම තියෙන්නේ කුතුහලය පැත්තටනේ.. මාත් ඉතින් ඒ පැත්තට ගියා.

ඇගේ ඇඟ සුදු ඇත් දළ වගේ දිලිසෙනවා. සුදු සේද සළුපිළි ඈගේ ඇඟ වටේ නළියන්නේ හුළඟ එක්ක සෙල්ලම් කර කර.. ඔන්න ඉතින් ආයෙත් මගේ කවි හිත

" මේ රූ කාගේදෝ.. සුරඟන දෑසක් දෝ.. "

මගේ සින්දුව 'ඈ'ට ඇහුණාවත්ද?? 'ඈ' එකපාරම මගේ පැත්ත හැරුණා..

අම්මෝ ඒ ඇස්.. හොඳ වෙලාවට ළඟපාත ගල් පරයක් තිබ්බේ.. නැත්තන් මටත් අනන්ත රාත්‍රියේ කුණාටු සාගරේ වැළලෙන්න තමයි වෙන්නේ..

'ඈ'Where stories live. Discover now