2.

382 136 13
                                    

පුංචි හුරුබුහුටි නිවසක් වූ එය ජිමින් තම හැකි පමන පිලිවලකට සකසා තිබිනි.

" මං ඔයාට ස්තූතියි කරන්න ඕන. කැමතිද චොක්ලට් මෆින් එකකට "
ජිමින් සෙමෙන් නැගිට කුස්සිය දෙසට ගියේය.

ජන්කුක් ඔහු පසුපස සෙමෙන් ගියේය.

" ආ.......ඔයා මෙතනටම ආවද "
ජිමින් සිනාවී ඉදිරියට මෆින් සහිත දිසිය දිගුකලේය.

" වැඩිය හිතන්න එපා. අන්ධ අයට හොදට දැනෙනවා. සොබාදහම එහෙමයි මවලා තියෙන්නේ "

ජිමින් එසේ කියමින් අනෙක් අත එහෙමෙහෙ දිගුකලේ ජන්කුක්ව ඇල්ලිමටය. ජන්කුක් ඉදිරියට ඇවිත් ඔහුගේ අත අල්ලාගත්තේය.

ජිමින් දිසිය පසෙක තබා ජන්කුක්ගේ මුහුන පුරා ඔහුගේ සිනිදු අත ගෙන ගියේය.

" ඔයා ගොඩක් කඩවසම් කෙනෙක් වෙන්න ඕන , මට බලන්න තිබ්බනම් ඔයාගේ මුන "
ජිමින් සිනාසෙයි.

" එහෙම නෙමේ , ඔයත් ගොඩක් ලස්සනයි , මෙච්චර දිලිසෙන ඇස් මං මීට කලින් දැකලා නෑ. "
ජන්කුක් නොදැනිම ජිමින්ගේ සිනිදු කම්මුල් ඇල්ලිනි.

ඒවා රස්නෙයි. සිනිදුයි.

" ගන්නකෝ , ආදරෙන්නේ දෙන්නේ "
ජිමින් අතපත ගා නැවත අතට ගත් දිසිය ජන්කුක්ට දුන්නේය.

" ආදරෙන් "
ජන්කුක් ටිකක් ගැස්සි කටින් පිටවිය.

" ඉන්න ටික කාලේ හැමෝටම ආදරේ කරන්න ඕන දරුවෝ "
ජිමින් ජන්කුක් පපුව මත තම අත තිබ්බේය.



***********************


" හරි අපරාදයක් නේ , ඔයාගේ ඇස් පෙන්නැති වුන එක "
ජන්කුක් තුන්වෙනි මෆින් එකත් අතට ගන්න ගමන් එයා ලගින් වාඩිවෙලා ඉන්න ජිමින් දිහා බැලුවා.

" නෑ මාත් ලොකේ දැක්කා . ඒක ගොඩක් පාටවලින් පිරිලා කියලා මන් දන්නවා. මං හැම පාටක්ම දැක්කා. අවුරුදු පහලවක් වෙනකන් , ඊටපස්සේ අන්තිමටම මං දැක්කේ මගේ ලගට වේගයෙන් ආපු කාර් එකේ රතුපාට. ඊටපස්සේ අහසේ නිල් පාට. දැන්නම් දිගටම දකින්නේ කලු පාට "
ජිමින් ජන්කුකගේ කකුලට අත තියාගෙන ඉන්නවා.

ජන්කුක් ගොඩක් වෙලා ජිමින් දිහා බලන් හිටියා. කදුලු නොආවත් එයා දුක් වුනා.








Kishu :-)

EYES ☑️Where stories live. Discover now