Chapter 9

522 89 58
                                    

චන්ද්‍රයා වළාකුළු අතර සැඟවී විටින් විට අාලෝකය විහිදුවන්නට විය.. කාලය වේගයෙන් ගෙවී ගිය අතර එ් කාලය තුල බොහෝ දේ වෙනස් වන්නට අැත... දින සති ලෙස ගෙවී ගොස් මාස හයක් පමණ ගත වුවද අභ්‍යන්තරය නොවෙනස්ව පැවතුනි...

"දැන් නම් මටත් වඩා කොණ්ඩෙ තියෙනවා"

අැගේ සිනිඳු කෙහෙ රැලි අතරින් තම දිගු අැඟිලි යැවූ තරුණයා එසේ පැවසුවේ තරුණියගේ මුහුණේ සිනහවක් බලාපොරොත්තුවෙන්ය.

"ම්ම්.. අඩුම තරමෙ shoulder length තරම් වත් වැවෙනකන් ඉන්න පුළුවන් වුනා නම් මං ඔයත් එක්ක photo එකක් ගන්නවා."

අෑ මද සිනහවක් පාමින් පැවසූ දෙයින් ඔහු නිරුත්තර විය. හදවතේ එක් කොනක් රිදුම් දෙන නමුත් ඔහු කිසිඳු වදනක් නොපවසා අැගේ හිස සම්බාහනය කරන්නට විය.

"ඔප්පා"

"ම්ම්..."

"ඔයත් කොණ්ඩෙ වවන්නකො. එතකොට අපි දෙන්නගෙම කොණ්ඩෙ එක ගානට වගේ තියෙයි නේද?"

"මරු මරු... මාවත් කෙල්ලෙක් වගේ පෙවුනම ඔයාගෙ පස්සෙන් අාපු කොල්ලො මගෙ පස්සෙන් එයි."

"විහිළු නෙවෙයි අනේ..."

"ඔයා කැමති නම් මං මැරෙනකන් උනත් කොණ්ඩෙ නොකපා ඉන්නම් මැණික"

තරුණයා එසේ පවසා අැයව තම දෑත් අතර සඟව ගත්තාය. කිසිදා නොමැකෙන ඔහුගේ උණුසුමේ ගුලිවී සිටි අැය තමා හිස තබා අැති ඔහුගේ පපු ප්‍රදේශයෙන් අැසෙන හර්ද ස්පන්දනයට ප්‍රිය කලාය.

"ඔප්පා"

"ම්ම්...."

"සාරන්ග්හේ..."

"නාදෝ...."

වදන් වලට පෙරලිය නොහැකි හැඟීම් ගොන්නක් තම හදවත් වලට සීමා කරමින් ඔවුන් ප්‍රේමයේ අන්තයටම ගොස් හමාරය. අනේකාට නොදැනෙන ලෙස ඔවුන් හඬන්නට අැත. නමුදු එ් සෑම කඳුළක්ම සිනහවක් ලෙස මැකී ගියාය.

___________

"හෙට exam අද පාඩන් කරන්නෙ?"

"අාහ් යූංගි please ඔයත් කියවන්න ගත්තද... එපා වෙනවා අප්පා"

Love me too [Completed]Tempat cerita menjadi hidup. Temukan sekarang