12.DARK PALACE

644 148 22
                                    

Leo's P.O.V

                   මං මේ ලෝකේ ඉන්න ආසම තැනක් තිබ්බා නම් ඒ මගේ සෙල්ලම් ගෙදර...මන් පොඩි කාලේ සෙල්ලම් කරපු මගේ සෙල්ලම් ගෙදර...පුදුමයි නේද....මෙච්චර ලොකු මන් තාම සෙල්ලම් ගෙදරකට ආසයි කියනකොට...ඇත්තටම ඒක සෙල්ලම් ගෙයක්ම නෙමේ....මට වටිනම මතක රැදිච්ච මං ආසම දවස් උන මගේ පොඩි කාලේ වැඩි හරියක් ගෙව්න තැන ඒක....මගේ පපා මං එක්ක සෙල්ලම් කරපු තැන...මගේ මමා මාව හුරතල් කරපු තැන....චූටිම චූටි මන්...හරියට වචනයක්වත් කතා කර ගන්න බැරි මන්....අඩි දෙක තුනකට වඩා තනියම ඇවිද ගන්න බැරි චූටි බබෙක් උන මං එක්ක මගේ මමා පපා දෙන්නම ගොඩක් සතුටින් හිටිය තැන....මගේ ජීවිතේ මං වැඩිපුරම ආදරේ කරන එකම තැන ඒක....යාන්තම් මට අවුරුදු පහක් විතර වෙනකන් විතරක් මාත් එක්ක හිටිය එක පාරට හුලගට අහු උන දූවිල්ලක් වගේ අතුරුදහන් උන මගේ මමාගේ සුවඳ පිරුණු මමා අතුරුදහන් උනාට පස්සේ හිතන්නත් බැරි විදිහට වෙනස් උන මගේ පපාගේ මතක පිරුණු එකම තැන...මගේ සෙල්ලම් ගෙදර....කැලේ මැදට වෙන්න විශාල ගහක් උඩ තනිකරම ලීවලින් නිම කරපු පුංචි පැල්පතක් වගේ උන මගේ සෙල්ලම් ගෙදර මං වයසින් වැඩෙනකොට මාත් එක්කම ලොකු උනා...වෙනස්කම් සිද්ද උනා....මන් චූටිම කාලේ සෙල්ලම් බඩු වලින් විතරක් පිරිලා තිබුන ඒ චූටි පැල්පත ටිකෙන් ටික මගේ මුහුකුරා යන හැගීම් එක්ක වෙනස් උනා...සෙල්ලම් බඩු වෙනුවට මේසයක් පුටුවක් එක්ක සැපපහසු ඇඳක් මෙට්ටයක් ඒකට එකතු වෙනකොට ගේ සම්පූර්ණ වෙන්න ජනේල වගේම ලොක් කරන්න පුලුවන් දොරකුත් අලුතින් එකතු උනා.. හරිම සරල උනත් මට මගේ නිදහස උපරිම තියෙන වගේම මට සැපපහසුව උපරිම දැනෙන එකම තැන මගේ සෙල්ලම් ගෙදර උනා...සෙල්ලම් ගෙදර කිව්වට මං පෙනුමටවත් ප්‍රමානෙටවත් කොහෙත්ම ගැලපෙන්නෙ නැති නමක් මගේ සෙල්ලම් ගෙට දීලා තිබුනා....ඩාර්ක් පැලස්...මොන හේතුවකට කියන්න දන්නෑ පොඩි කාලේ ඉදලම මෙතන එන හැම වතාවකම මට ඉබේම ඩාර්ක් පැලස් කියන නම මිමිනුනා වගේම ඒ නම එහෙමම මගේ සෙල්ලම් ගෙදරට සින්න උනා....පොඩි කාලේ ඉදලම මගේ හොදම යාලුවා උන වෙන් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් නොදන්න කිසිම කෙනෙක් නොදැක්ක මගේ ඩාර්ක් පැලස් එකට සීන්ව එක්කන් එන්න මට හිතුනේ ඇයි කියන එක මටම පුදුමයක් උනත් වෙන කාවවත් එක්ක එන්න හීනෙකින්වත් නොහිතන ඩාර්ක් පැලස් එකේ දොර මගේ අතින්ම සීන්ට විවෘත උනා....

LOVE OR LUST (Completed)Where stories live. Discover now