Part 19

13 3 2
                                    

බෝඩීමට ගීපු ගමන් ඇදට ගියේ මහන්සි නිසා. ඊයේ රෑ නිදාගත්තෙම නෑ නේ. එළිවෙනකන්ම අඩ අඩානේ හිටියේ. සැරින් සැරේ පරන දේවල් හිතට තට්ටු කරත් රශීගේ පිස්සු වැඩ වලින් හිත පිරිලා තිබුනා. හෙට උයන්නත් ඕනී

ඊයේ නිදාගත්ත නැති නිසා මට හොද ට නින්ද ගිහින්. කොට්ටෙකුත් බදාගෙන සීතලේ මන් හොදට නිදාගත්තා.

" නැගිටින්නකෝ අනේ..... "

රශී හිටියේ මගේ ඇදේ. උදේ පාන්දරම ඇවිත්.

" අයියෝ වදේ.. නිදාගන්න දෙන්නකෝ "

" මොකක්ද ඒ කිව්වේ. වදේ.... මොකක්ද ඒ ආ.... "

රශී මගේ කන මිරිකන ගමන් මට බැන්නා.

" හරි හරි මෝඩියේ. නිදාගන්න දෙන්නකෝ "

" බෑ අනේ. එන්නකෝ.... "

අතින් අල්ලන් ඇද්දත් මාව හොල්ලන්නවත් රශීට බැරි උනා. පව් හැබැයි. උදේ පාන්දරම මාව බලන්න ඇවිත් . ඇදෙන් නැගිට්ටෙ රශී නැගිටින්න කියලා බල කරන නිසා.

රශීවත් ඇදලා අරගෙන තුරුලු කරන් නිදාගන්න චූටී ආසවක් හිතේ තිබ්බත් මන් ඒක කරන්න බයයි. මොකද මට බෑ ආයෙත් හිටපු තත්වෙට වැටෙන්න. ආයෙත් මට ඉස්සර වගේ දුක් විදින්න වෙයි.

ඒත් රශීගෙ අතින් අල්ලන් මගේ ලගින් වාඩි කරගත්තේ එයා hijab එක දාගෙන හිටපු නිසා. මගෙ අතින්ම ඒක ගලවලා දැම්මෙ එයාගෙ කොන්ඩේ බලන්න. එයාගේ ලස්සන කැරලි කොන්ඩෙට මන් පුදුම විදියට ආස කරා.

ශනූ...මගේ first love එක. මන් වැඩියෙන්ම ආදරේ කරේ එයාට. අද මන් දුක් විදින්නෙත් එයා නිසා. ඒත් මන් ආස කරපු හැමදෙයක්ම වගේ තිබුනේ රශී ට. කැරලි ගැහුනු දිග කොන්ඩෙ, හිනාවෙනකොට පේන නල දත, බෝල මූන, ඒ ලස්සන හිනාව, හුරතලෙ,  ඒ හැම දේකටම මන් පුදුම විදියට ආස කලා.

" ආය එද්දි මේක ගලවන් එන්නකෝ.. මන් ඔයාගෙ කොන්ඩෙට ගොඩාඩාක් ආසයී "

" පාරේ ඒම එන්න බෑ නේ මෝඩයෝ.. තාත්ති බනී. අනික ඔයා විතරක් දැක්කම ඇති. "

" ඒ මොකෝ මන් විතරක් දැක්කම ඇති "

" එහෙම තමයී "

රශීගේ මූන දිහා මන් බලන් හිටියේ අතින් අල්ලගෙන. උයන්නත් ඕනී නිසා දෙන්නම ඇදෙන් නැගිට්ටෙ උදේට කන්න. වොෂ් එකක් දාගෙන ඇවිත් රෂි කවන බත් ටිකත් කාලා අපි උයන දේවල් ගැන කතා කරා.

මිරිගුව Where stories live. Discover now