HOPES

49 13 14
                                    

වැටෙන්න පුලුවන් හැම විදිහටම වැටුනත්,

නැගිටින්න එක හේතුවක් හොයා ගත්ත මට මේ ජීවිතේ ජයගන්න උදව් අවශ්‍ය නෑ.

සල්ලිද ජීවිතේ???

මට ඕනේ නිදහස. මම හොයන නිදහස මට කවදාවත්ම ලැබෙන්නෑ. මොකද ඒ නිදහස ලබා ගන්න මම තවම සූදානම් නෑ. කොච්චර අය මගේ ජීවිතේට ආවත් සිනහව කියන්නේ තාවකාලික දෙයක් කියලා මට තේරෙන්න වැඩි කල් ගියේ නෑ.

තමන්ගේ හැගීම් කියන්න කෙනෙක් නැති උනාම,

ආදරය කියන හැගීමට පවා ආදුනිකයෙක් වෙන්න වුන අවස්ථාවනුත් මට තිබුණා.

මමත් ආසයි වෑට්පෑඩ් කතාවක වගේ ජීවිතයක් තියෙනවානම්.

අපි හැමෝම නිදහස් වෙන්න බැරි තරම් ලොකු මවාගත් බොරුවක නේද ජීවත් වෙන්නේ?

මේ ලෝකෙට ආවෙත් තනියෙන් නම්...

මම මේ ලෝකෙන් යන්නෙත් තනියෙන් නම්....

මොකටද මේ තාවකාලික ජීවිතේට සදාකාලික කර ගන්න හදන බැදීම් ?

මේ ප්‍රශ්න වලට උත්තර තියනවාද?

හැගීම් කින්නේ මොනවාද කියන් මට තේරෙන්නේ නෑ.

ඇත්තටම මට ඒ දේවල් දැනෙන්නේ නෑ.

කෙනෙක් ඇහුවොත් ඔයාට තියන බලාපොරොත්තු මොනවාද කියලා මට කියන්න බැරි තරම් ලොකු බලාපොරොත්තු තොගයක් තියෙයි. මේ ජීවත් වෙන ටික කාලයට හිතා ගන්නත් බැරි තරම් ලොකු බලාපොරොත්තු එක්ක ජීවත් වෙන්න මම පුරුදු වෙලා.

එක එක්කෙනා කියනවා මට අරක තියෙනවා. මම මෙහෙම කෙනෙක්...

ඔය මොන දේ තිබුණත් අපි මේ දේවල් මැරෙද්දී අරන් යන්නෑ කියලා එයාලට අමතක උනා.

අහස හැන්දෑවට ලස්සනයි වගේම තමයි රෑට අදුරුයි.

මමත් තීරණය කලා ඉන්න ටික කාලයේ ලස්සනට හිනා වෙලා ඉන්න. මොකද අපි කවුරුත් දන්නෑ අපි කවදා මැරෙයිද කියලා.

අවුරුදු මාස ඇගටත් නොදැනීම ගෙවිලා ගියා. අතීතය මට අමතක වෙන්න පටන් අරන්. මගේ ජීවිතේ ලස්සන මතක වගේම අවලස්සන මතකත් මගෙන් ටික ටික ඈතට යන්න පටන් අරන්.

අපිට පොඩිකාලේ ඉක්මනට ලොකු වෙන්න ඕනේ උනත්,

ආය ඒ වගේ සුන්දර කාලයක් එන්නෑ කියන එක..... දුක හිතෙන කාරනයක් උනාට හැමෝටම සත්‍යට මූන දෙන්න වෙනවා.

සිහින ලෝක වලින් මිදෙන්න කාලය ඇවිත්.

තනිකම කියන්නේ හැගීමක් විතරයි. තව දුරටත් මන් තනිවෙලා නෑ. මොකද මට කවුරු නැතත් මම ඉන්නවා.

අපි හැමෝම මේ ලෝකෙට ආවේ මොකක් හරි හේතුවකට. ඒ වගේම අපි යන්නෙත් ලොකු හේතුවක් මත.

මේ ලැබිලා තියන ලස්සන ජීවිතයේ තම තමන්ට පුලුවන් විදිහට පින් කරන්න.

හිනාවෙන්න.... හැමදාම.

අනිත් අයට උදවු කරන්න. හැමෝටම එක වගේ ආදරය කරන්න. එතකොට ඔයාටත්  ජීවත් වෙන්න බලාපොරොත්තුවක් ඇති වෙයි.

මමත් මේ තනිකමෙන් මිදිලා හැමෝටම වගේම මටත් වටින කෙනෙක් වෙනවා. හිත කියන්නේ මහා පුදුමාකාර දෙයක්.

හිතන්න.....

බලාපොරොත්තු ඔයාව ජීවත් කරවාවි....

_____________________________

හරි ඉතින් ඔන්න මන් ආවා ටිකක් ගොන් වගේද දන්නෑ කතාව.

මම එච්චර friendly කෙනෙක් නෙමෙයි. ඒත් මට හිතෙන දේ තමයි මේ...

ඔයාලත් මේ කතාවෙන් මොකක් හරි දෙයක් ගත්තානම් අනිවාර්යයෙන් පල්ලැහින් කමෙන්ට් එකක් දාන් යන්න...

මතකනී ... බලාපොරොත්තු ඔයාට පාර පෙන්නාවි.😊

හැමෝටම සුබ පැතනවා.

බලාපොරොත්තු වෙනුවෙන්.

~HOPES~Where stories live. Discover now