Memories 01

13 3 1
                                    

Lily was a little girl
Afraid of the big, wide world
She grew up within her castle walls

මේක ෆැන් ෆික්ශන් එකක්වත් කිසිම සේක්සුවල් දෙයක් ගැනවත් කතාවක් නෙවෙයි.... මතකයක් 🥺 ජිවිතේ ලස්සන මතකයක්... හැමදාම උනත් මතක් වෙද්දී හිනාවක් ගෙන්න පුලුවන් මතකයක්

 හැමදාම උනත් මතක් වෙද්දී හිනාවක් ගෙන්න පුලුවන් මතකයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ම ත ක 👐

     උදෙ නැගිටලා මම හෙමින් ඉස්සරහ දොර ඇරගෙන එලියට බහිනකොට තිබ්බෙ තද සීතලක්. සුදුපාට මීදුමක්. හැම ගහක් කොලක්ම පෙනුනෙ කළු පාටට. අහස තද නිල්පාටයි. කලර් මික්ස් එක සුදු, නිල්, කළු. මම "හෑන්ඩ් ෆ්‍රී" එක ෆෝන් එකට ප්ලග් කරන්  මිදුලෙ එක කොනක ලස්සනට රවුමට කුඩයක් වගෙ තියෙන "කාබරංකා" ගහ යට තියෙන කොටෙ උඩ වාඩි උනා. මම හෙමින් ඔලුව උස්සලා බලද්දි, කීචී බීචී ගාන චූටි කුරුල්ලො දෙතුන් දෙනෙක් මගෙ බැල්මට බය වෙලාද මන්දා ගහ අතඇරලා ගියා. හරියට නිකන් මිනිස්සු අතෑරලා යනවා වගෙ. ඒක හිතද්දිම මට එවෙලෙ වගේම මේ ලියන වෙලාවෙත් හිනා යනවා.
       "හෑන්ඩ් ෆ්‍රී" එකෙ එක පැත්තක් ඇහෙන් නැති වෙලා. ඉතින් මම ඒක ගලවලා අයින් කරලා වොලියුම් අඩු කරලා ෆෝන් එකේම මගෙ ප්ලේ ලිස්ට් එක ප්ලේ කරා.
        මිනිස්සු වයසට යද්දි ගොළු වෙනවා. මට එහෙම හිතෙනවා. මිනිස්සු හිත ඇතුලෙ දේවල් කතා කරන්න කැමති නෑ. හිතෙන ලස්සන දේවල් කරන්නෙ නෑ, ආදරෙ පෙන්නන්නෙ නෑ. මට එහෙමත් හිතෙනවා. මිනිස්සු මියුසික් වලට ආස හිතෙ ගැඹුරෙ හැංගිච්ච දේවල් එක්ක සිංදු ඇවිත් කතා කරන එකට, ඒ දේවල් එක්ක කනෙක්ට් වෙන එකට වෙන්න ඕනෙ. අවසාන වශයෙන් මට හිතෙන්නෙ මේ ඔක්කොම "මිනිස්සු" ගැන නෙමෙයි, "මම" ගැන කියන එක. ඒක හිතද්දි එවෙලෙ වගේම මේ වෙලාවෙත් මට හිනා යනවා.
       මට සුදු පාටට බිමට පිනි කඩන් වැටෙන එකෙ පේනවා. සුදු පාට දුමක් ඇතුලෙ පොඩීම පොඩි පිනි පෝලිමට බිමට වැටෙනවා. ඒ අස්සෙ එකම විදියට ගෙවිච්ච දවස්, ඒ දවස් ඔක්කෝගෙන්ම වෙනස් වෙච්ච "වෙනස් ලස්සන" දවස්. ඒ අතරෙ වෙනස මම මගෙ ඔලුව ඇතුලෙන් හොයන්න අරන්.
        මම ටියුබ් ලයිට්. වෙලාවකට මට එහෙමත් හිතෙනවා. සමහර දේවල් එක්ක තියෙන හැඟීම් දැනීම් වැඩ කරන්න පටන් ගන්නෙ ටික ටික පරණ වෙන්න පරණ වෙන්න. හිටපු ගමන් ඇස් වහපු ගමන් පෙනිලා නොපෙනිලා යන ලස්සන මතක හරියට කළු වලාකුළු අස්සෙ මහා සද්දෙට ක්ෂණයකින්  පුපුරලා යන අකුණු වගෙ ලස්සනයි. තප්පරේකට ඇස් වහද්දි මට පේන්නෙ, එයාගෙ කොණ්ඩෙ හුලඟ එක්ක මුහුදු රැල්ලක් වගෙ ලස්සනට එහාමෙහා යන හැටි, තව තප්පරේක මුහුදු රැල්ල සුදු පෙණ එක්ක ඇවිත් එයාගෙ සුදු කකුල් බදාගෙන ආයෙම යන්න බෑ කියාගෙන වගෙ ගිහින් ආයෙම එයාව හොයාගෙන එන හැට, එයාගෙ කකුල් පිරිමදින හැටි, එයාගෙ හිනාවෙ සද්දෙ, එයා කියවන දේවල්, එයාගෙ කටහඬෙ සද්දෙ, මං ඇස් පියවද්දි මගෙ ඔලුවෙ ෆිල්ම් එකක ට්‍රේසර් එකක් වගෙ ටික් ටික් ගාලා මාරු වෙනවා. මාරම ලස්සනයි.
      
       එයාට තියෙන්නෙ දිලිසෙන ලස්සන ඇස් දෙකක්. එයා හිනා වෙන හැම වෙලාවකම ඒ ඇස් හීනි වෙනවා.

Memories 🥰Where stories live. Discover now