🌟තීරණය✨

27 5 0
                                    

"නෙක්ස්ට් පේෂන්ට් මිස් කැති ....."
"මිස් කැති .... "
ඕ ගෝශ් ඒ මගේ නම නේද දෙය්යනේ මේ ටික වෙලාවට මගේ හිත මොන ලෝකෙක ගිහින්ද , ඔලුවට පාරක් ගහගෙනම මන් වාඩිවෙලා හිටිය තැනින් නැගිටලා ඩොක්ටර් ගාවට ගියා.

👩🏼‍⚕️ - "ආ මිස් කැති කොහොමද ඉතිං.. කොහොමද දැන් ඔයාගේ මිග්‍රේන් තත්වය..?"

මේ මගේ ෆැමිලි ඩොක්ටර් ඉතිං එයාට මගේ ලෙඩ ඔක්කොම කටපාඩම් .ඒත් මම අද ආවේ මිග්‍රේන් නිසා නම් නෙවේ..

❤️‍🩹 - "ඩොක්ටර් මගේ බර සැහෙන්න අඩු වෙනවානේ 🥺 එත් එක්කම මට තද හිසරදයකුත් එනවා .. හැමෝම කියනවා මම සැහෙන්න කෙට්ටු වෙලා කියලත්.."

👩🏼‍⚕️ - "ආ ඕක හිතන්න එපා .. අපි මේ චෙකප් ටික කරලා බලමුකෝ ..දැනට මේ බෙහෙත් ටික බොන්නකෝ 😊"

ඩොක්ටර් එහෙම කියලා මාව blood testing room එකට යැව්වා. ලොක්කා වගේ ගියාට මම ලේ වලට බයයි 🥲 කොහොම හරි ඒකත් කරගත්තා .
මිස් තව පැයකින් එන්න අපි රිපෝට් එක දෙන්නම් ..

හ්ම් පැයක් .... මෙතන පැයක් හිටියොත් මට පිස්සු හැදෙයි .. ෆෝන් එකේ Spotify  දාගෙන මම හෙමිට ඉස්සරහට ගියේ කිසිම අරමුණක් නැතිව
2022 පටන් ගන්නකොටම ඇයි මට මෙහෙම ..

.
✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨

අය්ගෝ මම ඔයාලට මම කවුද කියලා කිව්වේ නැනේද .. මම කැත්රිනා පීටර්සන් .😁 නම ඉංග්‍රිෂ් වුනාට පෙනුම හද්දා ගොඩේ හොදේ .. කැති කියලා තමා හැමෝම කියන්නේ..ගුරුවරියක්..නැව ගිලුනත් බැන්චුන් චරිතයක් වුනාට ජොබ් එකේදි ෆුල් සිරියස් කෙනෙක්..මේ කතාව ඔයාලට එච්චර ෆිට් වෙයිද දන්නැ හැබැයි ..මොකද මේ මගේ පලවෙනි කතාව නිසා🥺 කතාව ඉස්සහරහට ඔයාලට තව චරිත හම්බෙයි ..එතකොට විස්තර කරන්නම් .....

✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
පැයකට පසුව.......

.

👩🏼‍⚕️ - "මිස් කැති රිපොට්ස් මම බැලුවා ..ගොඩක් නෝමල් ඒත්..

බැරැරුම් මුහුණක් එක්ක එයා ටිකක් වෙලා මගේ රිපෝට් එක දිහා බලන් ඉදලා
"බයවෙන්න එපා අපි දිගටම ට්‍රිට්මන්ට් කරමුකෝ .. දැන් අපේ රටේ 97%ක් මේ ලෙඩේ එක්ක ජිවත්වෙනවා ..සමහරු දන්නෙත් නැ ඒ ලෙඩේ තියේද කියලාවත්.. අපි බලමු හොද කරගන්න ...සතියක් මේ බෙහෙත් වෙලාවට බිලා බලමු .. අයෙත් චෙකප් එකක් කරලා බලන්න වෙයි හැබැයි"
කියලා එයා හිනාවෙලා කිව්වත් මාව පස්සට ඇදෙනවා වගේ හැගිමක් ආවේ. ..

..................හැමදාම බෙහෙත් බිබි ඉන්න කෙනෙක් වෙන්න බැ මට 🥺 මගේ හීන සිමා කරන්න බැ 😭😭😭

ඇත්තටම මොකක්ද ලෙඩේ?? හොද කරන්න බැරි එකක්ද 🥺 ඊලග කොටසින් හමුවෙමු 🥺 👋🏻

GayeshaKawindiWM

You've reached the end of published parts.

⏰ Last updated: Jan 20, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

The secret Where stories live. Discover now