♡ 02

198 72 6
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"ඔතනින් ඉඳගන්න මිස්ටර් පාර්ක්."

පිළිගැනීම අවසන් උනාට පස්සෙ ටේහ්‍යුන්ග් පාර්ක්ට ඉඳගන්න සැලැස්සුවේ සැලූන් එකේ තිබුන හොඳම අසුනෙ කිව්වොත් වැරදි නෑ. පාර්ක් ගැන ඕනවටත් වඩා කරුණු අහලා තිබුනු ටේහ්‍යුන්ග් පවා එයාව මුණගැසුණු පළවෙනි වතාව මේක උනා.

පාර්ක් ඇත්තටම හුරුබුහුටියි..

"තැන්ක්‍යු ටේහ්‍යුන්ග්. මට ආරංචි උනා ජෝන් ජන්කුක් කියලා කෙනෙක් මෙතන වැඩ කරනවා කියලා?"

මේ තරම් ප්‍රසිද්ධ නිරූපණ ශිල්පියාව ජන්කුක් නාඳුනන නමුත් කිසි වැඩකට නැති මෝඩ ජන්කුක්ව පාර්ක් අඳුනන විදියක් ටේහ්‍යුන්ග්ට හිතාගන්න බැරි උනා.

"ඔ-ඔව් මිස්ටර් පාර්ක්."

ජන්කුක් ඒ වෙනකොට හිටියේ ශොප් එකේ ස්ටාෆ් එකට පමණක් හිමි කාමරයේ හෙඩ් ෆෝන් ගහගෙන සිංදුවක් මුමුණන ගමන්.

"මම කැමතියි එයාට කියලා මගේ හෙයා කලර් එක චේන්ජ් කරගන්න. එයා වැඩේ හොඳට කලොත් මට ප්‍රමෝෂන් එකක් උනත් දෙන්න බැරි නෑ. 'පාර්ක් ජිමින්ගෙ පෞද්ගලික කොණ්ඩ පාට කරන්නා' විදියට වගේ."

~ එයාට පිස්සුද? නැත්නම් හැටිද?

ටේහ්‍යුන්ග්ට හිතුනෙ එච්චරයි. නමුත් යම්තාක් දුරක හෝ බලවතෙක් නිසා ඒ වගේ දෙයක් කියන්න ගිහින් රැකියාවට ගලක් ගහගන්න උවමනාවක් ටේහ්‍යුන්ග්ට තිබුනෙ නෑ.

සේවකයන්ට වෙන්වුණු කාමරයට ගියපු ටේහ්‍යුන්ග් ජන්කුක්ගෙ ඔලුවට පාරක් ගහලා හෙඩ් ෆෝන් දෙක ගැලෙව්වා.

"ඌයි!"

"තමුසෙ මේක අස්සට වෙලා හිටපම්. අරහෙ පාර්ක් ඇවිල්ලා."

"ඉතින්? තව මොනාහරි අස් කරන්න තියනවද?"

ජන්කුක් යටි තොල වම් පැත්තට අදින ගමන් උඩු තොල දකුණට ඇද්දේ මූණ වඳුරු පැටියෙක් වගේ කරගෙන.

"අස් කරන්න නෙමෙයි බූරුවෝ! පාර්ක් ඒම් කරන්නෙ ඔයාව."

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ƒιℓтєя • мιηgυк [¢σмρℓєтє∂]Where stories live. Discover now