suside lover chapter 3💉

1.2K 318 14
                                    

" ඔහොම ඉන්නව...පනින්න නම් හිතන්නවත් එපා...නවතිනව..."

ටේහියුනුයි ජන්කුකුයි එකපාරට හැරුනෙ කවුද බලන්න.

" පොලිසියෙන්....

ජන්කුක් කිව්වෙ කෑගහන ගමන්.ඒත් එක්කම ටේහියුන් හයියෙන් ජන්කුක්ගෙ අත අල්ලගෙන පාලමෙන් එහාට ඇවිත් අදුරෙම පාරදිගෙ දිව්වෙ පිටිපස්සෙන් බැන බැන පන්නන පොලිසිය දිහ සැරෙන් සැරෙ බලන ගමන්.

කිලෝ මීටරයක් විතර ගිහින් දෙන්නම හති අරින්න නතර උනා.දෙයියන්ගෙ පිහිටෙන් පිටිපස්සෙන් ආපු පොලිසියෙ මිනිස්සු නම් පේන්න හිටියෙ නැ.

" ඕයි..අතාරිනව මගෙ අත...

ජන්කුක්ගෙ ටේහියුන්ගෙන් අත ගසල ගන්න ගමන් කෑගැහුවා.

" තමුසෙ නිසා මට මැරෙන්නත් බැරි උනා..දැන් ඉතින් වෙන විදිහක් හොයන්න වෙනව.."

ජන්කුක් කිව්වෙ පාරෙම බිම වාඩිවෙලා.පාලු පාරෙ එලියකට කියලා තිබ්බෙ විදුලි පහන් වලින් එන මලානික එලිය විතරයි.

"දෙන්නම එකට පැන්නනම් එච්චරයිනෙ...එතකොට මේ වෙද්දි මං හෙවන් වල...."

ටේහියුන්ත් කිව්වෙ ජන්කුක් දිහා බලල එතනම වාඩි වෙන ගමන්.

" තමුසෙ යයි හෙවන් වලටම"

"මට ඒක ඇහුනා ..."

"ඇහෙන්න තමයි කිව්වෙ...

ජන්කුක් ආයෙම ටේහියුන්ට කෑගහපු නිසා ටේහියුන් මොකුත්ම කියන්නැතුව හිටපු විදිහටම හිටියා.

" මේ ජන්කුක්.........

"මොකද?..

" ඔයා තාම තරුන ලමයෙක්නේ...ඉතින් ජීවිතෙ විනාස කරගනැතුව ජීවත් උනොත් නරකද?

ටේහියුන් එහෙම කියද්දි ජන්කුක් කරේ ටේහියුන් දිහ ටිකක් වෙලා බලන් ඉදපු එක.

ඊට පස්සෙ එකපාරට එයා හයියෙන් හිනාවෙන්න ගත්තා.

" තමුසේ ඕනිමනන් මට වඩා අවුරුදු දෙක තුනක් වැඩි මහල් ඇති..නිකම් බන කියන්නැතුව ඉන්නවා"

" මගෙ කතාව වෙනස්....

" හහ්...මං කිව්වොත් මගෙ කතාවත් වෙනස් කියලා.....

" හරි ඕනි මගුලක්..දැන් මැරෙන්න ක්‍රමයක් හොයාගමු...මං ඔයාගෙන් මොකුත් අහන්නෙත් නැ,ඔයා මගෙන් අහන්නත් එපා"

ටේහියුන් අන්තිම ටික කියලා නැගිට්ටෙ ජන්කුක්ටත් නැගිටින්න අත දෙන ගමන්.

My Suside Lover|taekook Where stories live. Discover now