🥀My handsome best friend 🥀 FINAL

1.9K 372 132
                                    

Suhi POV

ඈතින් බැහැගෙන යන ඉර දිහා බලාගෙන මං කල්පනා කලේ සිද්ධ වුන දේවල් ගැන..

ග්‍රීසිය!!! හැම ප්‍රශ්නයක් ම පටන් ගත්ත තැන,,ඉතින් හැමදේම විසදුනාට පස්සේ ජිමින්ට ඕන උනා ආපහු ග්‍රීසිය ට එන්න කලබලෙන් ගෙවුන ජීවිතේ ලස්සනම දවස් ටික ආපහු නිදහසේ විදින්න.

එදා මං ජිමින් ගේ ගෙදරින් කලබලෙන් එලියට ඇවිත් පාර හරහා යද්දී මාව ඇක්සිඩන්ට් වුනා,  හොස්පිට්ල් එකෙන් මගේ ID එකේ Address චෙක් කලත් ඒ වෙනකොටත් අත්තම්මා ගේ ගෙදර විකුනලා තිබුන නිසා මගේ පවුලේ කෙනෙක් හොයා ගන්න බැරි වෙලා...

ඒත් මාව ඇක්සිඩන්ට් කරපු වාහනේ මාව එතනම දාලා ගිහින්,,මාව හොස්පිට්ල් අරගෙන ගිය කෙනා තමයි ඊට පස්සේ මාව බලාගෙන තියන්නේ,,මාස තුනක් මතකේ නැතුව හිටියත් එක දවසක් හිටි හැටියේ මට හැමදේම මතක් වුනා...

ඒත් මට මතකේ ආවා කියලා මං කාටවත් කිව්වේ නෑ,,කියන්න ඕන කමක් මට තිබුනේ නෑ... මට උදව් කරපු මිස්ටර් ලී මං අප්පා කියපු කෙනා  ගොඩක් හොද කෙනෙක්,,,ඒත් එයත් එක්ක හවුලේ බිස්නස් කරපු වූකීගේ අප්පා වංචාවක් කරලා හැමදේම තනියම එයාගේ නමට පවරගත්තා...

හැමදේම ආපහු මිස්ටර් ලීට දෙන්න නම් එයා හදගන්න දුව ඒ කියන්නේ මගෙයි වූක් ගෙයි මැරේජ් එක සිද්ධ වෙන්න ඕන කියලා වූක් ගේ අප්පා කිව්වා!!!

ඇක්සිඩන්ට් එකක් නිසා වූක් ට කවදාවත් අප්පා කෙනෙක් වෙන්න  පුලුවන් කමක් නෑ,, ඒ දුර්වල කම නිසාම වූක් ට කවදාවත් මැරේජ් එකක් කරගන්න බැරි වෙන එකට වූක් ගේ අප්පට තිබුන එකම විසදුම ඒක...

ෂිනීට ලැබෙන්න හිටපු දරුවා ජිමින් ගේ කියලා හිතාගෙන හිටපු නිසා මතකේ ආවත්  ආපහු  ජිමින් ලගට යන්න ඕන කමක් මට තිබුනේ නෑ,,  ජිමින් ගැන හොයලා බලන කොට දක්ෂම ව්‍යාපාරිකයින් අගයන උත්සවයකදී  ජිමිනුයි ෂිනි පොඩි බබෙකූයි ඉන්න photos දැක්කම මට මං ගත්ත තීරනේ ගැන දෙපාරක් හිතන්න ඕන වුනේ නෑ....

එයාපෝට් එකෙන් ජිමින් ව දැක්කම මං ෂොක් වුනත් මං චුට්ටක් වත් ජිමින් ට ඒ බවක් ඇගෙව්වේ නෑ... එයාපෝට් එකේ උන ප්‍රශ්නෙන් පස්සේ අපි එතනින් එන්න ආවත් මාව වාහනේට දාලා වූක් ආපහු ගිහින් ජිමින් ව මුන ගැහිලා තිබුනා....

🅼︎🆈︎ 🄷🄰🄽🄳🅂🄾🄼🄴 🅱︎🅴︎🆂︎🆃︎ 🅵︎🆁︎🅸︎🅴︎🅽︎🅳︎.      ||Completed ||Where stories live. Discover now