chapter 12

759 177 6
                                    

🌹සේරි
🦋 රූහි
🍂 යොන්ජුන්
🐥 ජිමින්
🦄 හෝසියෝක්
🐧 ජේක්
🐹 ජින්
🐨 නම්ජුන්

අමතක උනොත් කියලා දැම්මේ 😁😁😁

..............................................................................................

ජිමින් නම්ජුන් එක්ක ඉස්කෝලේ ඉදන් එලියට එනකොට ඈත් ඉදන්ම දැක්කේ රූහි කාත් එක්ක හරි කතා කරනවා..රූහිගේ ඒ හිනාව වෙනස්.. ජිමින්ගේ හිතේ පොඩි බයකුත් නොදැනුනාම නෙමෙයි...ඒ නිසාම ජිමින් ඉක්මනට අඩිය තියලා කෙල්ල ලගට ගියේ කෙල්ල මෙච්චර ආසාවෙන් කතා කරේ කාත් එක්කද බලන්න..මොකද ජිමින් හොදටම දන්නවා රූහි කියන්නේ අදුරන්නේ නැති අය එක්ක කතා කරන එක්කෙනෙක් නෙමෙයි වගේම රූහිව යාලු කරගන්නත් ලේසි නෑ කියල..

🐥 රූහියා..

ජිමින් කෑ ගැහුව ගමන් ඒ කෙනා ඉක්මනට රූහිව බිමින් තියලා දුවලා යනවා ජිමින් දැක්කා.ජිමින්ගේ හිතේ තිබ්බ බය තවත් මේක නිසා වැඩි උනා.. කොල්ලා පුලුවන් තරම් ඉක්මනට රූහි ලගට ගිහින් එයාව වඩාගත්තා.

🐥 රූහියා කවුද ඒ ??

🦋 මගේ අලුත් යාලුවා..

🐥 යාලුවා ?? ඔයාට මන් නොදන්න යාලුවෝ නෑනේ

🦋 ඔය ඉන්නේ ඉතින්

🐥 කවදා ඉදන් ද එයා ඔයාගේ යාලුවා උනේ..

🦋 දැන් ටිකකට කලින්

🐥 මෝ ??

ජිමින්ගේ ප්‍රශ්නාර්ත මූන දිහා බලන් හිටපු රූහි හරි ලස්සනට හිනා වෙලා ජිමින්ගේ ඇහිබම එයාගේ චූටි ඇහිලි වලින් අත ගෑවා..

🦋 ඔයාගෙත් එයාගේ වගේමයි

🐥 මෝ ??

🦋 දේ...එයාට ලස්සන ඇස් තියෙනවා..ඇහිබම ඔයාගේ වගේමයි...ඒත් හිනා වෙනකොට වෙනස්.. එයාගේ ඇස් ඔයාගේ වගේම දුඹුරු පාටයි...ලස්සනයි

🐥 ඔයා eye specialist කෙනෙක් ද ඇස් ගැන හොයන්නේ ??

ජිමින් එහෙම ඇහුවම කෙල්ල කරේ අහින්සක විදියට හිනා උන එක විතරයි.

🐥 දැන් මේ පන්ඩිත හැල්මොනි මොනවද එයත් එක්ක ඔච්චර කතා කරේ ?? අනික මන් කියලා තියෙනවා අදුරන්නේ නැති අය එක්ක කතා කරන්න එපා කියලා

 Mafia Daddy | JH || Completed ✔️✔️Où les histoires vivent. Découvrez maintenant