ඔක්කොම දේවල් වෙනස් වෙන්න මහ වෙලාවක් ගියේනෑ මිනී..
ජන්කුක් එහෙ මෙහෙ යන ගමන් නියපොතු කනවා..
ඔයාගේ අප්පා බංකුවේ ඉදන් දෙවියන්ට යාච්ඤා කරනවා..
ජන්කුක්ගේ දෙමව්පියෝ පැත්කකට වෙලා බයෙන් වෙවුලනවා...
අන්තිමට ඒ සද්දේ ඇහුනා.. පුංචි පැටියෙක් අඩන සද්දේ..
පලවෙනි වතාවට මම ජන්කුක් අඩනවා දැක්කා..
ඔයාගේ අප්පාගේ ඇස් වලත් කදුලු..
ටිකකින් නර්ස් කෙනෙක් රෙදි පොට්ටනියක් උස්සන් එද්දි ජන්කුක්ගේ අම්මා ඉක්මනට ගිහින් එයාව ගත්තා.. ඒ ඔයාගේ බබා වෙන්න ඇති.. මම එයාගෙන් ඇස් ගත්තා.. මට එයාව දකින්න ඕනේ නෑ.. මට බයයි මම එයාට වෛර කරයි කියලා.. මට ඕනේ ඔයාව.. ඔයාව විතරයි...
ඔයා තාම ඉන්නවා නේද??? මේ දැනෙන හිස් හැගීම බොරුවක් නේද??
" වි ආ රියලි සොරි මිස්ටර් ජෝන්.. ඔයා මේක වෙන බව කලින් ඉදන්ම දැනන් හිටියනේ...
ඔයාගේ ස්පවුස් ගොඩක් ශක්තිමත්.. එයා එයාගේ අවසාන මොහොත වෙනකන්ම එයාගේ උපරිමේම කලා..
මේක ආශ්චර්යක් කියලා හිතාගන්න.. මොකද ඔයාගේ බබා අපි බලාපොරොත්තු වුනාටත් වඩා හොදට නිරෝගිව ඉන්නවා.. ඕල්ද බෙස්ට් මිස්ටර් ජෝන්.. ඇන්ඩ් වි ආ රියලි සොරි අබවුට් යෝ ස්පවුස්..." ඩොක්ටර් ජන්කුක්ට එහෙම කියද්දි මම ලොකු හුස්මක් ගත්තා...
එහෙනම් මේකයි අපේ අවසානේ..
ඒක ගොඩක් රිදෙනවා... මගේ හදවත....
ටිකකින් ඔයා එලියට ආවා... මම ඔයාව නවත්තගත්තා.. අනිත අය ගැන හිතන්න ඕනේ වුනේ නෑ මට... මම ඔයා හැංගිලා හිටිය සුදු රෙද්ද පැත්තකට කලා...
ඔයා ඇස් වහන් ඉන්නවා.. ඔයාගේ මූනේ තියෙන්නේ හරිම තෘප්තිමත් පාටක්... හිනාවක සේයාවකුත් මගේ ඇහැට අහුවුනා.. මගේ ඇස් වලින් කදුලු ගලනවා කියලා තේරුනත් මම ඒ ගැන කරදර වුනේ නැ..
මේකද අපේ අවසානේ.. ඔයා ඔයාගේ රාජකාරිය ඉවර කරලා යන්නද යන්නේ..
එතකොට මට මොනාද වෙන්නේ මිනී...
මම ඔයාගේ සීතල මූන මගේ අත් වලින් ඇල්ලුවා.. මගේ අත් වල ගොරෝසු බව ඔයාට අපහසුවක් වෙයිදෝ කියලා හිතන ගමන් මම හැමදාම වගේ කරදර වුනා...
ඔයා හරි සීතලයි මිනී.. මට මේක විශ්වාස කරන්න ඕනේ නෑ..
මම මගේ තොල් ඔයාගේ සීතල නලලෙන් තිබ්බා.. මට ඇහෙනවා ජන්කුක් අඩන සද්දේ... ඔයාගේ අප්පගේ සද්දේ...
මම ඔයාට යන්න දෙන්නම් මගේ මීනී... මගේ ඒන්ජල්.. මගේ මැජික් එක...
මම බලන් හිටියා ඔයාව මගෙන් ඈතට ගෙනියන විදිය...
මේක නේද ඒ අවසානේ..
දැන් හැමදේම ඉවරද??
අපේ කතාව සදහටම ඉවර වුනාද මිනී???
මට මේක දරාගන්න බෑ.. මේක දරාගන්න බැරි තරම් අමාරුයි...
...............................................................
YOU ARE READING
Losing You•~ (Vmin , KOOKMIN) [COMPLETED]
FanfictionLosing you is the worst pain I've ever felt... -KTH Just a fanfiction ~ °Vmin° & °jikook° Warnings! angst fluff mpreg sad ending?
![Losing You•~ (Vmin , KOOKMIN) [COMPLETED]](https://img.wattpad.com/cover/299773173-64-k521308.jpg)